Saturday, September 5, 2015

පුළුවන් නම් විසදපල්ලකෝ...Hoyalablnna අපෙන් චැලේන්ජ් එකක්..!





අයින්ස්ටයින්ගේ තේරවිල්ල

මම කියන්න යන්නේ අයින්ස්ටයින් 1800 ගණන් වල
ලෝකයට හඳුන්වලා දීපු තේරවිල්ලක්. එයා කියලා තියන
විදිහට නම් ලෝකයේ 98% දෙනාට මේක විසඳන්න
බෑලු. ඒත් ඇත්තටම ඒක හිතන තරම අමාරු නෑ.

 මෙන්න
මේකයි තේරවිල්ල.
එක්තරා පාරක ගෙවල් පහක් තියෙනවලු. ඒවා පාට
කරලා තියෙන්නේ එකිනෙකට වෙනස් පාට පහකින්. හැම
ගෙදරකම මනුස්සයෙක් ඉන්නවලු. හැබැයි ගෙවල්
පහේ මනුස්සයෝ අයිති ජාති පහකටලු. උදාහරණයක්
කිව්වොත් බ්රිතාන්ය, ජර්මන් වගේ ජාති.
ඒගොල්ලෝ වැඩියෙන්ම බොන්න කැමති බීමත් වෙනස්
ජාති පහක්ලු. බොන සිගරට් ජාතියත් වෙනස් ජාති
පහක්ලු. සුරතලේට ඇතිකරන්නෙත් වෙනස් ජාති පහක
සත්තුලු. ප්රශ්නය මේකයි කොයි ගෙදරද මාලුවෙක්
සුරතලේට ඇති කරන්නෙ?
පහල තියෙන උපකාර අවස්ථා ගන්න පුලුවන්. දැන් ඉතින්
ප්රශ්නය විසඳන්න තමා තියෙන්නෙ.
1. බ්රිතාන්ය ජාතිකයා ඉන්නේ රතු පාට
ගාලා තියෙන ගෙදර.
2. ස්වීඩන් ජාතිකයා සුරතලේට බල්ලෙක්
ඇතිකරනවා.
3. ඩෙන්මාර්ක් ජාතිකයා බොන්න කැමතිම තේ.
4. සුදු පාට ගාපු ගෙදරට අල්ලපු ගෙදර තමයි
කොලපාට ගාපු ගේ. ඒක තියෙන්නෙ සුදු
ගෙදරට වම් පැත්තෙන්.
5. කොල පාට ගාලා තියෙන ගෙදර
අයිතිකාරයා බොන්න කැමතිම කෝපි.
6. Pall Mall කියන සිගරට් බොන
මනුස්සයා කුරුල්ලෙක් සුරතලේට ඇති කරනවා.
7. කහපාට ගෙදර මිනිහා බොන්නේ කියන
Dunhill සිගරට්.
8. ගෙවල් පහේ මැද තියෙන ගෙදර
මනුස්සයා බොන්න කැමතිම කිරි.
9. නෝර්වේ ජාතිකයා ඉන්න ගේ තමයි ගෙවල්
පහේ පලවෙනි ගේ.
10. සුරතලේට පූසො ඇතිකරන ගෙදරට
එහා පැත්තෙ ගෙදර මිනිහා කැමතිම සිගරට්
ජාතිය Blends.
11. Dunhill සිගරට් වලට කැමති මිනිහගේ ගෙට
අල්ලපු ගෙදර මිනිහා අශ්වයෙක් ඇති කරනවා.
12. එක මිනිහෙක් බියර් බොන ගමන් Blue Master
සිගරට් බොනවා.
13. ජර්මන් කාරයා බොන්නේ Prince කියන සිගරට්.
14. නිල්පාට ගෙදරට අල්ලපු ගෙදර තමයි
නෝර්වේ ජාතිකයා ඉන්නෙ.
15. එක මිනිහෙක් වතුර බොද්දී අල්ලපු ගෙදර
මිනිහා Blends සිගරට් බොනවා.
.
ඔන්න විසඳලා උත්තරේ කමන්ට් කරපල්ලකෝ...

2 comments:

  1. කොළ පාට ගෙදර ඉන්න ජර්මන් මනුස්සයා තමා සුරතලෙට මාළුවෙක් අැති කරන්නේ

    ReplyDelete
  2. කොළ පාට ගෙදර මනුස්සයා තමයි මාලුවෙක් ඇති කරන්නේ

    ReplyDelete