..GPS`වැඩ කරන විදිය...
GPS ඉස්සෙල්ලාම පාවිච්චි කරේ ඇමරිකානු හමුදාව තමන්ගේ ආරක්ෂක කටයුතු වලට. පස්සේ මේක මුළු ලෝකෙටම විවුර්ත කළා. අවම වශයෙන් GPS සැටලයිට් 24 ක් අපේ පෘතුවියට ඉහලින් කක්ෂගත කරලා තියෙනවා. මේවා තියෙන්නේ පෘතුවියේ ඉඳන් කිලෝමීටර් 20200 ක් දුරින්. මේවා භූ ස්ථාවර චන්ද්‍රිකා. ඒ කියන්නේ මේවා තියෙන තැන වෙනස් වෙන්නේ නෑ. හැමදාම දකින්නේ එකම තැන. මේ සැටලයිට් ස්ථාන ගත කරලා තියෙන්නේ ලෝකේ කොහේ හිටියත් මේ සැටලයිට් 4ක් දැකගන්න පුළුවන් වෙන්න. එත් මේවා පියවි ඇසින් දැකගන්න බෑ. එත් මේවගේ තරංග වලින් අපිට වැඩ ගන්න පුළුවන්. මේවා එක එල්ලේ ගමන් කරන තරංග විශේෂයක් ඒ නිසා ගෙවල් ඇතුලේ ඉන්නකොට එහෙම වැඩ කරන්නේ නෑ. මොකද සිග්නල් වලට බාධා එන නිසා.GPS ඉස්සෙල්ලාම පාවිච්චි කරේ ඇමරිකානු හමුදාව තමන්ගේ ආරක්ෂක කටයුතු වලට. පස්සේ මේක මුළු ලෝකෙටම විවුර්ත කළා. අවම වශයෙන් GPS සැටලයිට් 24 ක් අපේ පෘතුවියට ඉහලින් කක්ෂගත කරලා තියෙනවා. මේවා තියෙන්නේ පෘතුවියේ ඉඳන් කිලෝමීටර් 20200 ක් දුරින්. මේවා භූ ස්ථාවර චන්ද්‍රිකා. ඒ කියන්නේ මේවා තියෙන තැන වෙනස් වෙන්නේ නෑ. හැමදාම දකින්නේ එකම තැන. මේ සැටලයිට් ස්ථාන ගත කරලා තියෙන්නේ ලෝකේ කොහේ හිටියත් මේ සැටලයිට් 4ක් දැකගන්න පුළුවන් වෙන්න. එත් මේවා පියවි ඇසින් දැකගන්න බෑ. එත් මේවගේ තරංග වලින් අපිට වැඩ ගන්න පුළුවන්. මේවා එක එල්ලේ ගමන් කරන තරංග විශේෂයක් ඒ නිසා ගෙවල් ඇතුලේ ඉන්නකොට එහෙම වැඩ කරන්නේ නෑ. මොකද සිග්නල් වලට බාධා එන නිසා.
සෑම GPS සැටලයිට් එකටම ඉතාමත් නිවැරදි විදිහට කාලය සටහන් වෙන ඔරලෝසුවක් තියෙනවා. මට මතක විදිහටනම් ඒවා පරමාණුක ඔරලෝසු. ඒවායෙන් එවන සිග්නල් වල තමන් දැනට සිටින තැනයි වෙලාවයි සටහන් වෙනවා.අපි ඉන්න ස්ථානය සොයාගන්නේ GPS සැටලයිට් වලට සම්බන්ධ වීමෙන් නෙවේ ඒ සැටලයිට් වලින් එන සිග්නල් වලට සවන් දීමෙන්. ඒ කියන්නේ ඒ සැටලයිට් වලින් එන සිග්නල් අපි අල්ලාගෙන අපි ඉන්න තැනගැන සොයා ගන්න එක. මෙහිදී සැටලයිට් 4 කට සවන් දීමක් සිදුවෙනවා.
කියන්න අමතක වුනා. GPS කියන එක දිග අරපුවාම එන්නේ. Global Positioning System කියන එක. වීඩියෝ කතා එකෙන් උස්සපු පහල තියෙන වීඩියෝ එකත් බලන්නකෝ.
No comments:
Post a Comment