Saturday, September 5, 2015

ඉන්ටර්නෙට් එකේ තියෙන ඉංගිරිසි අරහන්ද ..?



අද දෙන්න යන්නේ ෆයර්ෆොක්ස් එකෙන් නෙට් එකට එන බොලාට පොඩි මෙව්වා එකක් අරන් ඈ
මෙව්වා එකක් කිව්වට ගොඩක් වටිනවා මොකද දන්නේ නැති ඉන්ගිරිසියක පවා ආසන්න තේරුම මේකෙන් පෙන්නනවා


ඔබගේ තිබෙන version එක ඔබ නොදන්නවාන මුලින්ම >>>මෙතනින්<<< ඔබට අවශ්‍ය නම් install කර බලන්න. මෙය වැඩකලේ නැත්නම් පහලින් අලුත් version එක ගන්න.
හරි එහෙනම් Fire Fox අලුත් version එකත් දැන් හරි නේ. එහෙනම් පහලින් ගිහින් එහෙ තිබෙනAdd on එක ඔබගේ Firefox වෙබ් බ්‍රවුසරයට එකතු කරගන්න. 
දැන් බ්‍රවුසර් එක රීස්ටර්ට් කරලා බලන්නකෝ

එප්.බි ලොගොන් පේජ් එක ලාක්ෂණ කරමුකෝ ....... ;)

මෙව්වා එකටබහින්න කලින් කියන්න ඕනේ අපෙ ආදරයා මේක  අන්තෙටම කරන්  යනවා...මටනම් ගොඩක් වෙලාවට පොස්ටු දාන්න වෙන්නේ නැ......අද්‍යාපනය හින්ද මචන්ලා..........කොහොමත් මන් දාන පොස්ටු එච්චර වැදගත් එව්වත් නෙමේනේ බන් ආදරයාගේ එව්වා තරම්,,,, :)

අපි අද මේ ලොගොන් පේජ් එක ලක්ෂණ කරන්න දාන්න යනේ මචන්ලා තීම් එකක් ;)

එහෙනම් බයිලා ඇති වැඩේට බහිමු මෙහෙමයි බන්ස්ලා වැඩේ කොරන්නේ...මුලින් කියන්න එපැයි දාන තීම් එක අපි අද දාන්න යන්නේ anonymous theme එක ආසයි නේ ;)



හරි දැන් අපි බලමු ක්‍රෝම් බ්රෝසර් එකට මේක ඉන්ස්ටෝල් කරන්නේ කොහොමද කියලා.......

මුලින්ම මේකට අපිට ඕන කරනවා add on එකක් එකේ නම තමයි grease monkey..මෙතනින් ගිහින් ගන්නකො.......මේක ඉන්ස්ටෝල් කරන්න තියෙන්නේ නෝමල් විදිහට.......

download

හරි දැන් ඒ add ඔන් එක ඉන්ස්ටෝල්  කරගත්තනෙ හරි ඊට පස්සේ කරන්න තියෙන්නේ මෙන්න මෙච්චරයි........ඒ add ඔන් එක ගත්තට පස්සේ මෙන්න මේ වගේ අයිකන් එකක් පෙන්නයි......


ඔය පින්තුරේ මම රවුම් කරලා තියෙන්නේ ඒ අයිකන් එක.........ඒ අයිකන් එක ක්ලික් කරාම ඔයාලට ඔය මම කොටු කරලා තියෙනවා වගේ වින්ඩොව් එකක් එයි ඒ වින්ඩොව් එකේ තියෙන add new script කියන එක ක්ලික් කරන්න.........


ඊට පස්සේ මෙන්න මේ වගේ වින්ඩොව් එකක් ඕපන් වෙයි.........




මේ ඕපන් වෙන වින්ඩොව් එකේ ඔය කෝඩ් එකක් තියෙන තැන ක්ලික් කරලා ඒ කෝඩ් එක ඔක්කොම බැක්ස්පේස් කරලා දාන්න....ඊට පස්සේ මේ පල්ලෙහා තියෙන කෝඩ් එක එතනට පේස්ට් කරන්න.......


// ==UserScript==// @name          Anonymous Black Facebook Login Page By Cjzzone// @namespace     http://userstyles.org// @description  Update : Added a new CSS so that it works perfectly on most screen resolutions & the background shows its best when browser is resized..!! Give your Facebook login Page a Anonymous look..!! Looks pretty cool..!! Rate it..!! Connect with https://www.facebook.com/trickortips to stay updated..!! Google+ link http://www.goo.gl/GyJZB Follow me on twitter https://twitter.com/trickortips Also see :)// @author        biswassudipta05// @homepage      http://userstyles.org/styles/81939// @include       https://www.facebook.com/// @include       https://www.facebook.com/index.php?stype=lo*// @include       https://www.facebook.com/index.php*// @run-at        document-start// ==/UserScript==(function() {var css = "body.fbIndex { \nbackground: url('http://s22.postimg.org/8ovd8ua01/trickortips.jpg')right center fixed !important; \n-webkit-background-size: cover; \n-moz-background-size: 100% !important; \nbackground-repeat: no-repeat !important;\nbackground-size: cover !important;\n}\n\n.loggedout_menubar_container { background: url('http://fiakka.com/images/blank_transparent.png') !important; }\n.fbIndex #globalContainer #dropmenu_container,\n.fbIndex #globalContainer #content,\n.fbIndex #globalContainer #pageFooter { display: none !important }\n\n\n.fbIndex .loggedout_menubar_container {\n  position: fixed !important;\n  width: 420px !important;\n  height: 82px !important;\n  min-width: 0 !important;\n  top: 50% !important;\n  left: 50% !important;\n  margin-top: -17px !important;\n  margin-left: -210px !important;\n  z-index: -1 !important;\n}\n\n\n.fbIndex .loggedout_menubar { width: auto !important }\n.fbIndex .loggedout_menubar_container .lfloat,\n.fbIndex .loggedout_menubar_container .rfloat { float: none !important }\n.fbIndex .loggedout_menubar_container .lfloat img,\n.fbIndex .loggedout_menubar_container .rfloat #login_form table { display: block !important; margin: 0 auto !important }\n\n.fbIndex .loggedout_menubar_container .lfloat img { display: block; margin: -60px auto 20px !important; }\n\n._5a-- { display: none !important }\n\n\n#SetAsHomepage_Callout {\n  display: none;\n}";if (typeof GM_addStyle != "undefined") {GM_addStyle(css);} else if (typeof PRO_addStyle != "undefined") {PRO_addStyle(css);} else if (typeof addStyle != "undefined") {addStyle(css);} else {var node = document.createElement("style");node.type = "text/css";node.appendChild(document.createTextNode(css));var heads = document.getElementsByTagName("head");if (heads.length > 0) {heads[0].appendChild(node);} else {// no head yet, stick it whereeverdocument.documentElement.appendChild(node);}}})();
මේ ඔක්කොම කොපි කරලා එතන ctrl + v වලින් පේස්ට් කරන්න ඊට පස්සේ මේ පින්තුරේ තියෙන විදිහට සේව් බට්න් එක ඔබන්න..............

ඊට පස්සේ එන වින්ඩොව් එකේ ok බට්න් එක ක්ලික් කරන්න ඊට පස්සේ උඩ තියෙන installed userscripts කියන එක ක්ලික් කරන්න (පින්තුරේ කොටු කරලා තියෙන එක )

දැන් ඕකේ තියෙන anonymous facebook logon page කියන එකට හරියක් දාලා යට options තෝරන්න තියෙන එකෙන් enable කියන එක තෝරලා start බට්න් එක ක්ලික් කරන්න........පින්තුරේ තියෙන විදිහට.......


වැඩේ ඉවරයි බ්රෝසර් එක ක්ලෝස් කරලා ආයිත් ඕපන් කරලා ෆ්බ් ලොගොන් පේජ් එකට ගිහින් බලන්න වැඩේ කොහොමද කියලා......

ඊලග එකෙන් මම facebook homepage එකට දාන්න තීම් ටිකකුත් දෙන්නම්කො එහෙනම් එල කොමෙන්ටුවක් එහෙම දාලා යන්න.............. ;) එලස්

Right click ඩිසේබ්ල් කරල තියෙන සයිට් වල පෝස්ට් ලේසියෙන් උස්සන්න පුලුවන් අනේ...!


2015 ට ඇන්ඩ්‍රොයිඩ් සීක්‍රට් කෝඩ්ස් ටිකක් අනේ...!!!

Wednesday, August 26, 2015

අන්තර්ජාල කේබල්


Picture
ඉන්ටෙර්නෙට් කනෙක්ෂන් එක ගොඩක් දෙනෙක් ගන්නේ වයර්ලස් ක්‍රමයට උනත් ඉන්ටෙර්නෙට් හැදිලා තියෙන්නේ කේබල් ජාලයකින් . මේ කේබල් ජාලය තියෙන්නේ මුහුදු පතුලේ . මේවත් නිකන්ම නිකන් කේබල් නෙමේ . මේ කේබල් වැඩි හරියක් ප්‍රකාශ තන්තු වලින් තමා හදල තියෙන්නේ . ඒවගේම මේ කේබල් වලින් ගමන් කරන්නේ ආලෝක කදම්බ .මේ කේබල් එක ගොඩබිම් මධ්‍යස්ථානයකින් පටන්ගෙන තවත් ගොඩබිම් මධ්‍යස්ථානයකින් කෙරවල වෙනවා . මේ විදියට තමා රට රටවල් සම්බන්ද කරමින් මුළු ලෝකයටම ඉන්ටෙර්නෙට් සම්බන්ධතාවය  ලබා දෙන්නේ.



Picture




මේ සන්නිවේදන මධ්‍යස්ථානවල මේ කටයුතු කරන්න අවශ්‍ය කරන සෑම දෙයක්ම තියනවා . විදුලිය , කේබල් වලින් තොරතුරු යවන්න ඕනකරන උපකරණ මේ උපකරණ ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන අය තව සමහර මධ්‍යස්ථානවල සැටලයිට් සම්බන්ධතා තියෙනවා.ලංකාවට මන් දන්නා තරමින් මේ  ගොඩබිම් මධ්‍යස්ථාන 5ක් තියෙනව . මන් හරියටම කියන්න දන්නෑ කියක් තියෙනවඩ කියලා.

කේබල් හදල තියෙන්නේ කොහොමද ?

ඉන්ටෙර්නෙට් ලබා දෙන හැම කේබල් එකක්ම හැදිලා තියෙන්නේ ප්‍රකාශ තන්තුවලින් නෙමෙයි. හුගක් ඒවා තඹ වලින් තම හදල තියෙන්නේ . එත් මුහුද යටින් යන ගොඩක් කේබල් හදල තියෙන්නේ ප්‍රකාශ තන්තු වලින් .

සාමාන්‍යයෙන් මේ කේබල් විෂ්කබයෙන් මිලිමීටර් 69ක් වෙනවා. මේ කේබල් මීටර් 1ක් කිලෝග්‍රෑම් 10ක් බරයි මේ කේබල් වලට වටින් ඝනකම් ආවරණ කිහිපයක් තියෙනවා. පිටතින්ම තියෙන්නේ තරවල ගිල්වූ නයිලෝන් ආවරණයක් හෝ පොලිතින් අවරණයකි . ඊට  පස්සේ  මයිලර් ටේප් , ගැල්වනයිස් කල වානේ කම්බි ,  වතුර කාන්දු නොවන විදියට හදපු ඇලුමිනියම් ආවරණයක් පොලිකාබනෙට් ආවරණයක් තඹ හෝ ඇලුමිනියම් නලයක් හා පෙට්‍රෝලියම් ජෙලි මාද්‍යයක් තියෙනවා . මේ හැම දෙකටම මැදින් තමා ප්‍රකාශ තන්තු තියෙන්නේ.
 
 

අපේ රටට ඉන්ටෙර්නෙට් ගේන කේබල්

1. සීමීවී 3 (SEA-ME-WE3- south east Asia middle east western Europe 3 cable system)

1999දී තමයි මේක පටන් අරගෙන තියෙන්නේ  . කිලෝමීටර් 39000ක් දිගයි. ජර්මනියේ නොර්ඩන් නුවර ඉදන්  සුවස් ඇළ හරහා මැද පෙරදිග ඉදන් ඇවිල්ල දකුණු ආසියානු රටවල් වල ඉඳල අග්නිදිග ආසියාවටත් එතනින් දකුණු කොරියාවටත් , ඔස්ට්‍රේලියාවට විහිදෙන මේ කේබල් පද්දතියෙන් රටවල් 33ක් ගොඩබිම් මධ්‍යස්ථාන 39ක් සමග සම්බන්ද වෙනවා .  ගල්කිස්සේ තමයි අපේ රටේ ගොඩබිම් මධ්‍යස්ථානය තියෙන්නේ.

 2. සීමීවී 4 (SEA-ME-WE3- south east Asia middle east western Europe 4 cable system)

ප්‍රංශයෙන් පටන්ගෙන සුවස් අල හරහා සින්ගප්පුරුවෙන් ඉවරවෙන මේ කේබල් ජලය කිල්මිටර් 20 000 ක් දිගයි. රටවල් 16ක් ගොඩබිම් මධ්‍යස්ථාන 17කින් සම්භන්ද වෙනවා. 2005 දෙසැම්බර් 13 අරඹ කරපු මේ කේබල් ජාලය ගොඩනගන්න වියදම් දරල තියෙන්නේ සන්නිවේදන සමාගම් 16ක් එකතුවෙලා ටෙලිකොම් එකත් එකට අදාලයි.

3. භාරත් ලංකා කේබල් සිස්ටම්

ඉන්දියාවේ ටුටෝකොරින් සිට කොළඹට එන මේ එන  මේ කේබල් ජලය කිලෝමීටර් 325ක් දිගයි. 2006 ජුනි මාසයේ ඉඳන් අපිට සේවා සපයනවා.
අපේ ටෙලිකොම් සමාගමයි, ඉන්දියාවේ සංචාර් නිගම් (BSNL ) සමාගම එකතුවී නිර්මාණය කරන ලදී.

4. දිරගු එස්එල්ටී කේබල් නෙට්වර්ක්

කොළඹ සිට මාලේ නුවරට එලාතියෙන මේ කේබල් පද්දතිය කිලෝමීටර් 850ක් දිගයි. 2007 සිට මේක අපිට ඉන්ටෙර්නෙට් කනෙක්ෂන් එක ලබා දෙනවා.

5. වාර්ෆ් සබ්මැරින් කේබල්

දිග කිලෝමීටර් 680යි. මාලේ නුවර ඉඳන් ඉන්දියාවේ ත්රිවන්ද්‍රම් දක්වා යන මේ කේබල් පද්දතිය කොලබට තමා සම්බන්ධ වෙන්නේ. 2007 මාර්තු වල ඉඳන් ක්‍රියාත්මකයි.

ලෝකේ පුර තියෙන හැම කේබල් එකක් ගැනම තොරතුරු submarinecablemap.com සයිට් එකේ තියෙනවා

 මන් දන්නේ ඔය විස්තර ටික තමා වැරදි තියෙනවානම් කියන්න දන්නා දේවල් තියෙනවනම් ඒවත් ඒවත් කියන්න .

ලෝකෙටම ඉන්ටෙර්නෙට් සපයන google loons

අපි අන්තර් ජාලයට විවිද ක්‍රම මගින් සම්බන්ද වෙනවා. එත් තවමත් ලෝක ජනගහනයෙන් තුනෙන් දෙකකට අන්තර්ජාල සම්බන්දතාවය නැහැ. ඒ අතින් අපි වාසනාවන්තයි. වැඩිපුර ගානක් ගත්තත් අපිට ඉන්ටෙර්නෙට් යන්න පුළුවන්.

මේ ගැන හිතලා google එකෙන් ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. මේකේ මුලික පරමාර්ථය තමා ග්‍රාමීය දුෂ්කර ප්‍රදේශ වල ඉන්න ජනතාවට අන්තර්ජාල සම්බන්ධතාවය ලබා දීම හෑ ආපදා තත්ත්ව වලදී ඉක්මනින් සහන සැලසීමට හැකියාව ලබාදීම. මේ සඳහා google ආයතනය භාවිතා කරන්නේ බැලුන් (balloons) වේ.




පරිවර්ති ගෝලය තුල එනම් පෘතුවි පෘෂ්ටයේ සිට කිලෝමීටර් 20 ක් ඉහලින් මේම බැලුන ස්ථාන ගත කර තිබෙනවා. එහි තිබෙන විවිද ස්තරවල විවිද වෙගමට්ටම් වලින් සුලන් ප්‍රවාහයන් හමාගෙන යනවා. project loon වල බැලුන ගමන් කරවීමට අවශ්‍ය වූ විට එහි ඇති විවිද වූ ගණිතකර්ම හෑ මෘදුකාංග යොදාගෙන බැලුන නිවැරදි මාර්ගයට ගන්නවා.

කිලෝමීටර් 10-60 ත් අතර වන පරිවර්ති ගෝලය තුල විවිද වූ කාලගුණික තත්ත්ව පවතිනවා. මුහුදු මට්ටමේ සිට බලන විට මෙහි වායු පීඩනය 1% පමණ වෙනවා. විටක ඉතාමත් උෂ්ණ පරිසරයක් ඇතිවන අතර තවත් විටක සෙල්සියස් අංශක -80 (සෘණ 80) දක්වා පහල යනවා. එමෙන් ම සූර්යයාගෙන් පිටවන අහිතකර කිරණ (අදොරක්ත තරංග වැනි )UV කිරණ වැනි දෙවලින්ද මේ ස්තරය සපිරියි. ඒ නිසා මේම බැලුන වලට විශේෂිත ආරක්ෂක උපක්‍රම භාවිතා කර තිබෙනවා.

බැලුමේ වාතය පිරවීමට හැකි කොටස විශේෂිත ආකාරයෙන් සකසා තිබෙනවා. දින 100ක කාලයක් දරුණු පාරිසරික තත්ත්ව වලට මුහුණ දීමට හැකිවන අයුරින්. මෙහි වාතය පිරවීමට හැකි කොටස ප්ලාස්ටික් හා  පොලිතින් මිශ්‍ර සංයෝගයගින් නිමවා තිබෙනවා. මෙය සම්පුර්ණයෙන් පුම්බා ඇතිවිට මීටර 12ත් 15 ත් අතර උසක් ගන්නවා.  මෙය සේවා අවශ්ශතා  සඳහා පහලට ගැනීමේදී බැලුම තුල අතිවාතය පිටතට නිකුත් කර පහලට ගන්නවා. මෙවිට වේගයෙන් පොලවට ලන්ගාවෙන බලුනයේ වේගය පාලනය කිරීමට පැරෂුටයක් භාවිතා කරනවා.
මේවට බලය ලැබෙන්නේ සුර්ය කෝෂ වලිනි රාත්‍රී කාලයේදී බලය ලබා ගැනීමට මේ සුර්යකෝෂ වලින් ලබාගන්න බලය බැටරි වල ගබඩා කරගෙන භාවිත කරනවා. මෙහි වොට් 100ක පමණ බලයක් ලබාදියහැකි සුර්ය පැනල සවිකර තිබෙනවා.

මේම එක් බලුනයකට  LTE තාක්ෂනය යොදාගනිමින් 40 km පමණ දුරකට සම්භාන්දතාව ලබා දීමට පුළුවන්.
එමනිසා මහජනයාට තමන්ගේ lte උපකරණ වලින් මේම අන්තර්ජාල පහසුකම ලබාගැනීමට පුළුවන්. එසේම මේ ක්‍රමයෙන් ජනතාවට උපරිම වේගයෙන් අන්තර්ජාලය භාවිතා කිරීමට හැකියාව ලැබෙනවා.lte භාවිතයේදී සන්නිවේදන සමාගම් වල සහයෝගයෙන් අන්තර්ජාලය ලබාදීමට කටයුතු කරනවා.


නැනෝ රෝබෝට්ස්

නැනෝ තාක්ෂණයට මේ වන විට වසර 50ක් පමණ වේ. මෙමෙ තාක්ෂනය තවමත් පර්යේෂණ මට්ටමේ ඇති අතර මෙමගින් ඉතාමත් පුදුමාකාර දේ නිපද විය හැක මේ වීඩියෝ බලන්න


මේ තියෙන්නේ වසරේ හොදම රොබෝ නිපැයුම්.මොකද හිතන්නේ කොමෙන්ටුවක් දාගෙන යන්න

කාල තරණය


සාපේක්ෂතා වාදය ඉදිරිපත් කරමින් කාලය හා අවකාශය එකට බැඳී ඇති බව ප්‍රකාශ කළා. තවද අවකාශයේ විවිද මානයන් 4ක් ඇති බවත් සඳහන් කරනවා. ඒවා තමයි දිග පළල උස හා හතරවෙනි මානය ලෙස කාලය. අපිට දිග පළල හා උස කියන මාන හරහා ගමන් කරන්න පුළුවන් එත් තවමත් අපිට බෑ කාලය හරහා ගමන් කරන්න.

එත් අපි හැම විටම අපි කාලය හරහා ගමන් කරනවා. සාම විනාදියකම අපි විනාඩියක වේගයකින් ගමන් කරනවා. එහෙත් කාලය හරහා ගමන් කරනවා කියන්නේ මේකට නෙමේ. අපි දැනට කාලය ගමන් කරන වේගයට වඩා ඉතාමත්  වැඩි වේගයකින් ඒ කිව්වේ  ආලෝකයේ වේගයෙන් හෝ  ඊටත් වඩා වැඩි වේගයෙන් ( ආලෝකයේ වේගය : ආලෝකය තත්පරේට 300000 km වේගයෙන් ගමන් කරයි.) ගමන් කරන්න පුලුවන්නම් අපිට කාලය හරහා ගමන් කරන්න පුළුවන්. මේවා සියල්ලම දැනට සිද්ධාන්ත විතරයි.

තව දෙයක් තියෙනව අප කාලය හරහා ගමන් කරන කොට කාල මාන දෙක අතර ඉන්න අයට ඒ කාල තරණය ගැන කිසිම දෙයක් දැනෙන්නේ නෑ වෙන්නේ අපි කාලය හරහා යාමක්

ඔයාගේ වයස අවරුදු 17යි කියලා හිතමු. ඔයා ආලෝකයේ වේගයෙන්  ගමන් කරන යානයක නැගලා පෘතුවියේ කාලයෙන් අව්රුද්දක්  ගමන් කරනවා කියලා. ඒ කිව්වේ මාස 6ක් ක් පෘතුවියෙන් ඈතට ගිහින් ඉතුරු මාස 6 දි නැවතත් පෘතුවියට එනවා කියලා. එහෙම ගිහින් එනකොට ඔයාගේ වයස අවරුදු 18යි එත්  ඔයා එන්නේ ඔයා හිටපු කාලයට නෙමේ අනාගතයට එහෙම වෙන්නේ ඔයාලා වීනාදී පහක් ගතකලාට ඔයා පිටවුණ කාල මානයෙ කාලය ඒ ආකාරයෙන් ගමන් කරන නිසා. පෘතුවියෙන් ඈතට යද්දී කාල රාමු අතර වෙනසක් වෙනවා. ඒ කියන්නේ පෘතුවියේ  කාලය විශ්වයට අදාළ නැති නිසා ඔයා ඉතාමත් වේගයෙන් ඈතට යද්දී සිදුවන කාල අවකාශ තරණය නිසා තමා මෙහෙම වෙන්නේ.

දැන් ටිකක් හිතන්න. මොලේ අවුල් ගහගන්න එපා ටිකක් හිමිට හිතන්න. එතකොට මේක තේරුම් ගන්න පුළුවන්.

කාල තරණය කල අයද මේ ???

මේ චයාරුප බලන්න

පලවෙනි රුපයෙන් දැක්වෙන්නේ  බ්‍රසීල ක්‍රීඩකය තමන්ගේ කුසලානය අතැතිව සිටින අවස්තාවක්. මේකේ රවුම් කරලා තියෙන කොටස බලන්නේ මේ තියෙන්නේ ටච් ෆෝන් එකක් නේද ??? 1962 වැනි කාලයකදී ටච් ෆෝන් තිබුනාද?? වර්ෂ 2000දි තමා ලෝකයේ ප්‍රථම ටච් ස්ක්‍රීන් දුරකථනය බිහිවුනේ. එහෙනම් මේ තියෙන්නේ මොකක්ද??


මේ රුපයේ දැක්වෙන්නේ 1938දි ගත්ත චායාරුපයක්. බලන්න මේ කාන්තාව අතේ තියාගෙන ඉන්නේ මොකක්ද කයලා ??? දුරකතනයක් නේද

බලන්න මේ තියෙන ෆොටෝ වල තිට්යෙන කැමරා වර්ග ගැන. මේවා මේ කාලයේ තියෙන්න පුලුවන්ද ?







මටනම් හිතෙන්නේ කාල තරණය කරපු අය  කියලා තව හිතෙනවා මේ සේරම මේ පින්තුරවල පෙන්නන කාලෙත් මෙයාලා ගාව තියෙන මේ කැමරා ෆෝන් එහෙම නිපදවලා තියෙන්න ඇති ඒවා සාමාන්‍ය ජනතාවට දෙන්නේ නැතුව රජයේ හරි මොකක්හරි සන්විදානයක ය හරි පාවිච්චි කරන්න ඇති පස්සේ මේවා සාමාන්‍ය ජනතාවට දෙන්න ඇති එහෙමත් නැත්තන් ටොර් බ්‍රව්සර් එක වගේ හමුදාව පාවිච්චි කරලා පස්සේ සාමාන්‍ය ජනතාවට ඉදිරිපත් කළා වෙන්න පුළුවන්.

එහෙමත් නැත්තන් මේ පිටසක්වල ජීවින්. එයාලා තමා මේ අපි පාවිච්චි කරන හැම තාක්ෂනයක්ම ඔඉත දුන්නේ එහෙමත් හිතෙනවා මට.

අනාගතයේදී එන සෙබළුන්ගේ අධි තාක්ෂණික උපකරණ ..

...සෙබළුන්ගේ අධි තාක්ෂණික උපකරණ... 


අද දියුණු රටවල සෙබළුන් තමන්ගේ මෙහෙයුම් වලද විවිද අධි තාක්ෂණික උපකරණ භාවිත කරයි. මේවා සමහරක් අපි සෙල්ලම් කරන ගේම් වල තියෙන ඒවා වගේ. අපි සෙල්ලම් කරන modern warfare වැනි ගේම් වල තියෙන ඒවා දැන් ඇත්තටම පාවිච්චි කරනවා. land warrior මේකෙන් පුළුවන් තමන්ගේ කණ්ඩායමත් එක්ක වීඩියෝ සමග සම්බන්ද වෙන්න මේ නිසා අනිත් අයට පෙන සතුරු ඉලක්කත් කණ්ඩායමේ සෙසු සාමාජිකයන්ට බලාගන්න පුළුවන්. රේඩියෝ ට්‍රාන්ස්මීටර් එකක් වීඩියෝ ට්‍රාන්ස්මීටර් එකක් හෑ gps උපකරණයක් මේකේ තියෙනවා. ඔක්කොගෙම බර කිලෝ 7.5 පස්සේ මේක බර වැඩි හින්දා අයින් කරා. න මුත් බර අඩු කරලා ඒ කිව්වේ කිලෝ 4.1 ක උපකරණයක් දැන් පාවිච්චි කරනවා.

Wrist – mounted display මේ විදිහට උපකරණ වැඩි වෙන කොට බර වැඩි වෙනවනේ. ඒ හින්දා මේ හින්දා hp සමාගම කුඩා නම්‍යශීලි බහුකාර්ය පරිගණකයක් නිපද වීමට කටයුතු කරනවා. වැලමිටයි මැණික් කටුවයි අතර ප්‍රද්ශයේ තමා මේක පලදින්නේ. ග්රෑම් 223 ක් බර වෙන මේක නම්‍යශීලි තිරයක් තමා තියෙන්නේ නම්‍යශීලි ප්ලාස්ටික් වලින් නිමවා තියෙනවා. වතුර යන්නේ නෑ හැප්පීම් දුවිලි වලට ඔරොත්තු දෙනවා. අඩුබල තිරයක් නිසා බැටරිය දිගු කාලයක් පවතිනවා. මෙය නිපදවූ පසු සිතියම් මූලස්ථානයෙන් ලැබෙන පණිවිඩ, වීඩියෝ දත්ත රේඩියෝ පණිවිඩ අවි ඉලක්ක කිරීම් දත්ත හා තවත් ප්‍රයෝජන අතිවිශාල ප්‍රමාණයක් සෙබලෙකුගේ අතටම ලැබෙනු ඇත. එසේම මෙය හරහා ජංගම දුරකථනයක, Tab එකක හා රූපවාහිනියක කාර්යද ඉටුකර ගැනීමට සෙබලුන්ට හැකිවනු ඇත.


මේම උපකරණ විදුලියෙන් ක්‍රියා කරන නිසා සෙස්බලාට නිතරම ආරෝපිත් බැටරි ලඟතබා ගැනීමට සිදුවේ බැටරි නැවත ආරෝපණය කිරීමට මුලස්තනයටම පැමිණීමට සිදුවේ. මේ නිසා මෙයට විසඳුමක් විදියට ජර්මානු සමාගමක් M- 25 Fuel Cell නමින් අලුතෙන් බැටරියක් නිපදවලා තියෙනවා. මේකට පය 72 ක් එක දිගට වොට් 25ක බලයක් දෙන්න පුළුවන් තව අවශ්‍ය ඕනෑම මොහොතක ක්ෂණයකින් වොට් 200ක බලයක් දෙන්නත් පුළුවන්.බර කිලෝ 2 අඩුයි.



තව පුදුම හිතෙන දෙයක් තමා මේ හැම සෙබළෙක්ම iphone ipad android ස්මාර්ට් ෆෝන් පාවිච්චි කරනවා. මෙහෙයුම් වලදී මේ සාම ෆෝන් එකක්ම මහජනයා භාවිත කරනවා ඇත්තටම මවා කුඩා පරිගණක වගේනේ ඉතින් ඒ නිසා මේවාට විවිද වූ ඇප්ස් වර්ග දාගෙන විවිද වැඩ කරගන්නවා. භාෂා පරිවර්තනය. කාලගුණ විස්තර වගේ ඒවා.තව ස්නයිපර් තුවක්කු කරුවන් වාතයේ ආද්‍රතාව සුළගේ වේගය වගේ දේවල් මේ හරහා සොයා ගන්නවා.gps මගින් ස්ථාන සොයාගන්නවා..

 

මේ ඇත්තම කාල තරනයක්ද ????

ෆ්ලෑෂ්ටත් වඩා වේගවත්ද ?? නැත්නම් කාලය හරහා ගමන් කිරීමක්ද ??? 

 




ඊ බෝම්බ E BOMB

                                 ...ඊ බෝම්බ E BOMB ...

ඊ බෝම්බ මේවා පිපිරීමෙන් ලොකු විනාශයක් ඇතිවෙනවා. සමහර වෙලාවට ඩොලර් මිලියන ගණනක නත්නම් බිලියන ගණනක වගේ පාඩුවක් වෙන්න පුළුවන්. එත් මේවගෙන් නම් මිනිස්සු මැරෙන්නේ නෑ වෙන්නේ විදුලි උපකරණ මැරෙන එක.



e bomb මේ නම දිග ඇරියාම එන්නේ electromagnetic bomb කියන එක. එනම් මේම බෝම්බය විද්‍යුත් චුම්බහ තරංග පිටකරන බෝම්බයක්. මේවා යුද්ද කටයුතු වලට භාවිතා කිරීමට නිර්මාණය කල ඒවා වේ. මේවගෙන් සතුරන්ගේ ඇති සියලුම විද්‍යුත් තාක්ෂණික අවි උපකරණ ක්‍රියා විරහිත කිරීමට හැකියි.

මේවා පුපුරා ගියාම කිසිදු ශබ්දයක් නිකුත් නොවන අතර පිටවන්නේ ඇසට නොපෙනෙන චුම්බක තරංගයි. ඊ - බෝම්බයකින් නිකුත් කෙරෙන විද්‍යුත් චුම්බක ස්පන්දක මගින් හානි කළ හැකි හෝ අකි‍්‍රය වියහැකිඋපකරණ වන්නේ අන්තර් පරිපථ, මධ්‍යම සැකසුම් ඒකක, සිලිකන් චිප, ට්‍රාන්සිස්ටර, රික්තක නාළ හෙවත් ත’මයන කපාට, පේ‍්‍රරක, මෝටර ආදියයි. කෙසේ වෙතත් මේ මගින් හානි සිදුවන්නේ විද්යුත් චුම්බකත්වයට සංවේදී උපකරණවලට පමණයි.

පැරණි රික්තක නාළ ඇතුළත් පද්ධතිවලට මෙයින් හානියක් සිදු වන්නේ නැහැ.එසේ ම විද්‍යුත් චුම්බක ස්පන්දකවලට සංවේදී මෙවලම් බිඳ නොවැටී බේරා ගැනීමට නම් ඒවා වටා ‘ෆැරඬේ ආරක්ෂක කූඩුවක්’ යෙදිය යුතු යැයිජනා කර තියෙනවා. මේ ආරක්ෂක කූඩුව තැනෙන්නේ ඇලූමීනියම් ලෝහ තහඩුවලින්. ඒත් ඒ ක්‍රමයෙන් පරිගණක පද්ධති රැක ගත හැකි වේයැයි සිතන්න බැහැ. ඒ පරිගණකවලට බලය සපයන රැහැන් හෝ ඇන්ටෙනා මගින් මේ බෝම්බයෙන් නිකුත් කෙරෙන විද්‍යුත් චුම්බක ස්පන්දකවලට ඇතුළු විය හැකි වන නිසයි. මේවා අයත් වන්නේ තුන්වන නෂ්ටික බෝම්බවලටයි.