Monday, May 15, 2017

පසුගිය දිනවල ලොකය පුරා පැතිරුනු පරිගනක වසංගතයෙන් ආරක්ශා වන්න

මේක ඇත්තටම කිව්වොත් Ransomeware එකක්.Ransomeware කියන්නේ එක්තරා විදියකට Malware එකක් තවත් විදියකට Trojen horse මේ දෙක අතරේ තියෙන වෙනස්ම වයිරස් එකක්.මේක කම්පුටර් එකට ගියොත් ඔයාටත් නොදැනීම ඔයාගේ කම්පියුටර් එකේ හැම ෆොල්ඩර් එකක්ම එන්ක්‍රිප්ට් කරනවා.සරලව කිව්වොත් ඔයාගේ ෆයිල්ස් ඔක්කොම ලොක් වෙනවා,මෙහෙම උනාට පස්සේ ඔයාට කොච්චර අවශ්‍ය උනත් ආපසු මේ ෆොල්ඩර් open කරන්න බැරි වෙනවා.මොකද මේ වයිරස් එක හදපු අදාල හැකර්ට විතරයි ඒ ෆයිල්ස් ටික අන්ලොක් කරන්න පුලුවන්.ඉතින් මේ හැකර් ඉන්නේ කොහෙද කියලවත් හොයාගන්න විදියක් නෑ.

එයා යම් කිසි මුදලක් ඉල්ලනවා.ඒ මුදල දුන්නට පස්සේ තමයි ඔයාට මේක අපහු Open කරන්න පුලුවන් වෙන්න්.මේක හරියට කප්පම් ඉල්ලීමක් වගේ.

මේක ගොඩාක් භයානක තත්වයක්,ඔයා නිකමට හිතලා බලන්න එකපාරටම ඔයාගේ කම්පියුටර් එක ෆෝමැට් උනොත් ඔයාට මොකක් හිතෙයිද කියලා.ඒ වගේ තමයි,මේක ඊටත් වඩා භයානකයි.
ඉතින් මේ සිද්දිය කරලියට ආවේ පසුගිය දින කිහිපයේ ලෝකයේ රටවල් 100 කට වඩා සීග්‍රයෙන් පැතිරුනු Wanacriptor 2.0 කියන Ransomware එක නිසා.මේ එකට විශේෂයෙන් යුරෝපයේ බොහෝරටවල්,රුසියාව,ඉතාලිය,ප්‍රංශය,බ්‍රිතාන්‍ය වගේ ගොඩක් රටවල් මේ වෙද්දි මුහුන දීලා තියෙනවා.සෞඛ්‍ය ක්ශේත්‍රයේ රෝහල්වල පරිගනක ජාල,රුසියාවේ ප්‍රධාන දුරකතන ජාලය,බ්‍රිතාන්‍ය ප්‍රදාන දුම් රිය පරිපාලන මධ්‍යස්ථානය වගේ ගොඩාක් රජයේ සහ පෞද්ගලික ආයතන වල මේ එක පැතිරිලා තියෙනවා

ඉතින් මේකෙදි මුලින් $300 ක් ඉල්ලනවා,මේ $300 අපි දුන්නැති උනොත් දවස් දෙකක පස්සේ මේක $600 ක් දක්වා වැඩිවෙනවා,මෙහෙම එන්න එන්න වැඩි කරනවා,ඒ වගේම අපි දවස් හතක් ඇතුලත සල්ලි දීම ප්‍රතික්ෂේප කරොත් සම්පූර්නයෙන්ම අපේ ෆයිල්ස් ටික ආපසු ගන්න බැරි වෙන්න විනාශ කරලා දානවා.ඉතින් මේකේ අවදානම ඔයාට තේරනවා ඇති
 දැනට ලොකයේ ප්‍රභලම AVG,Avast,kaspersky,bitdefender වගේ සමාගම් වලට  පසුගිය පැය කිහිපය ඇතුලත පැමිනිලි ලක්ශ ගනනින් ඇවිත්  තියෙනවා.දැන් ඔයාට තේරෙනවා ඇති මේක කොච්චර  ලෝකේ පුරා ව්‍යාප්ත වෙලාද කියලා,ලංකාවේ නන් දැනට  මේක පැතිරුන බවක් පෙන්නේ නෑ,ඒත් ඉක්මනින්ම මේ  වසංගතේ අපිටත් ඒවි,ඊට කලින් ඔයා ඒ අවදානමෙන්  ගැලවෙන්න .
  
  දැනගන්න ලැබෙන විදියට මේ Ransomeware එක    පැතිරෙන්නේ ගොඩාක් E-mail Attachment එකක්  විදියට.ඉතින් ඔයාට ඇවිත් තියෙන නොදන්න යී E-mail  open කරන්න යන්නෙපා. මේ Ransomeware එක  ගොඩාක් Target කරලා තියෙන්නේ Windows operating system එක.මයික්‍රොසොෆ්ට් ලා කියලා තියෙන විදියට මේ වෙද්දිත් එයාලගේ Security updates නිකුත් කරලා තියෙන බව ඉතින් ඔයත් ඔයාගේ Windows Version එක Latest ම version එකට update කරගන්න,ඒ වගේම Anti-virus Guard එකUpdate කරගන්න.firewall ඔන් එකෙ තියන්න.අනික ඔයාගේ අවශම ෆයිල්ස් Portable hard disk නැත්තන් cloud වලට backup කරගන්න..එහෙනම් මම හිතනවා මේ දැනුවත් කිරීම ඔයාලට තේරෙන්න ඇති කියලා,ප්‍රශ්න හරි ඔයාලගේ අදහස් හරි තියෙනවනන් පහල කමෙන්ට් සෙක්ශන් එකේ දාන්න,

Monday, December 26, 2016

රිටිගල ජයසේන හෙවත් අපි දන්න මහසෝනා- Mahasona...

හම්බවුනා පරණ කතාවක්...... 

ලැබුනේ පත්තර කෑල්ලක තිබිලා..
ඒ හින්දම හිතුවා දාන්න ඉසව්ව පැත්තට කාටත් දැනගන්න එක්ක
සමහර විට දන්නවාත් ඇති ඒත් කමක් නැ!
මොකක්ද දන්නවාද ඒ? 
මහසෝන් යක්ෂයා එහෙමත් නැතිනම් අපි දන්න මහසෝනා බිහිවුනේ කෝහෝමද කියාලයි 
නම ඇහුවත් බයයි වගේ!
ඇත්ත නැත්ත කෙසේ වුනත් කතාව නම් නියමයි! 
කියවලා බලන්න ....
අදහස් අඩුපාඩු තියෙනවනම් එකතු කරන්න හොඳද!
මෙහේම තමා කතාව පටන් ගන්නේ! 
ගැමුණු රජ්ජුරුවෝ එලාර රජුව පරදලා ජයගත්තට පස්සේ ගෝඨයිම්බර යෝධයා අලුත් නිවසක් තනා ගෙට ගෙවදීම නිමිත්තෙන් ඉතා විශාල උත්සව‍යක් සංවිධානය කරලා ගොඩාක් අයට මේ උත්සවයට ආරාධනා කලා.. 
සාදයේ මුලදීම ගෝඨයිම්බර මත්පැන් නිසා මත් වීම නිසා ඔහුගේ බිරිද සෝනා කුමරිය පැමිණි අය පිලිගන්න රාජකාරිය කලේ.. 
ඒ අසලින් එදා ගමන් කරපු ආරාධනයකින් තොරව එකවිටම මැදිවිය ඉක්මවු කලු ඇගපත මනාව වැඩුනු පුද්ගලයකු සාදය‍ට පැමිණි අතර කුමරිය මේ හැඩරුව පවසමින් ඒ බව ගෝඨයිම්බරයා පැවසු අතර කියු හැඩරුව අනුව එකවිටම ඔහු හදුනා ගත් ගෝඨයිම්බරයා ඔහුව පිලිගෙන සංග්‍රහ කරන ලෙස සෝනා කුමරියට අණ කලා. 

ඒ වෙන කිසිවකු ‍නොව නම ඇසු පමණින් බොහෝ දෙනා බිය සලිත වන රිටිගල ජයසේනය.රිටිගල ජයසේන යනු ගැමුණු කුමරුන්ට ජය පතා යක්ෂ සේනාව මෙහෙය වු ඇතුන් 10 ශක්තිය ඇති සේනාධිපති තුමායි.‍‍. 
ගෝඨයිම්බර ‍සෙනවිත් මේ ජයසේනට සාදයේ හොද හැටි කෑම බීම දී සැලකු අතර මධුවිතෙහි ප්‍රමාණය වැඩි වු විටම සියල්ල අමතක වු ජයසේන එකවිටම සිතට
ආ අදහසකට සෝනා කුමරිය වැලද ගත්තේය.
එකවරම මෙය දුටු ‍ගෝඨයිම්බර සෙනවියාට 
තරු විසිවුනු අතර ජයසේනට අසැබි වචනයෙන් බැන වදිමින්
තම නිවසින් යන ලෙස තර්ජනය කරන ලදි. 
රිටිගල ජයසේන ඉතා ලැජ්ජාවට පත් වුනු අතර තරහත් සමඟම ගෝඨයිම්බරයා තමාට කිසිම අභියෝගයක් නැති බවත් සතියකින් තම්මැන්නා සුසාන භුමියේ දී හැකි නම් ද්වන්ධ සටනකට එන ලෙසත් උත්සව සභාවේදීම ඉතා සැරවැරයෙන් කියා සිටි අතර ‍ ගෝඨයිම්බර ‍සෙනවිත් බිමතින්ම ජයසේන තමාට කිසිදු අභියෝගයක් නොමැති බවත් කඩුවකින් නොව තමාගේ වම් පයේ සුලැගිල්ලෙන් ජයසේනගේ හිස ගසා දමන බවත් මහ හඩින් උත්සව සභාව මධ්‍යයේ බහින් බස් විය.
මේ ආරංචිය දැනගත් ගැමුණු රජු වහාම මේ සටන නවත්වා දමන ලෙස අණ කලත් තම අභිමානය තමන්ට සිදුවු ලජ්ජාව මකා ගැනීමට අනිවාර්යයෙන් මේ සටන පැවතිය යුතු බව දෙදෙනාම පවසා ඇත.
සටනට දිනය පැමිණි අතර සටනට පෙර දා හොදින් මත්පැන් බී සටන දාත් දවල් වන තුරු නිදමින් සිටි ගෝඨයිම්බරයාට එකපාරම තම අභියෝග කල සටන මතක් වු අතර කෑම බීමද අමතකව ඇද සිටි සළුව තදින් ගැ‍ට ගසා උතුරු සළුව හිසේ ජටාවක් ලෙස බැදගෙන
සොහෝන් බිමට දිව යන්නට විය.

ඒ වන විටත් රිටිගල ජයසේන ලෝහ සන්නායකයක් පැලද සිටිමින් මනාව සටනට සුදානම් වී සිට අතර ඔහු හතර රියන් උස පුද්ගලයකු වු අතර ගෝඨායිම්බරයා ඉන් හරියටම අඩක් උස විය. 
ගෝඨයිම්බරයාගේ සහායට සටන නැරඹීමට පැමිණි අය මෙය දුටු සැනින් ම බෝහෝම දුකට පත්වුයේ ගෝඨයිම්බරයා පරාද වේවි යන හැගීම බොහෝම දෙනාගේ සිතට ආ නිසාය. 
තම මිතුරාට ආචාර කල ගෝඨයිම්බර සටනට පිවිසිය.
ආචාර කිරීමත් සමඟම හිස ඔසවා සතුරා හෙවත් ජයසේනයාගේ මුහුණ බැලු ගෝඨයිම්බර ඇසිපිය ගහන සැනින් අහසට පැන ජයසේනගේ නිකටට තම වම් ප‍යෙන් දැඩි පහරක් එල්ල කලේය. 
එක විටම අන්ද මන්ද වු ජයසේනට තමා නමස්කාර කරන සෙනසුරු දෙවියන් සිහිවන විටම හිස කදින් වෙන්වී රිටිගල පැත්තේ කරඔ ගසක රැදී ඇත. 
(අද එම ස්ථානය ඔළුකරදන නම් වේ)

මෙය එක විටම දුටු, දැනුන සෙනසුරු දෙවියන් කලබල විම නිසා කල් යල් බලා මනාව වැඩකරන සිරිතද අමතකව ගොස් වහා පැමිණ එවේලෙහි සොයා ගත් වලසකුගේ හිසක් ගෙනවිත් ජයසේනයාගේ හිස නැති සිරුරට දිවි බේරා ගැනීම සඳහා සවි කරන ලදි. 
(එම වලසා සොයා ගත්තායයි පැවසෙන්නේ ත්‍රිකුණාමලය මරතඩිය හන්දිය
අසල පිහිටි සෙනසුරු කෝවිල් භුමියෙන් ලු..)
හැම විටම සිතා මතා වැඩකරන සෙනසුරු දෙවියන්ට කලබලයට ජයසේනයාට
වලස් හිස සවිකර ඇත්තේ මුහුණ පිටුපසට සිටින ලෙසය.
(පහතරට මහසෝන් නැටුමේදී ද හිස පලදිනු ලබන්නේ පිටුපසටය)

එලෙස නැවත පන ලැබු ජයසේන එදා සිට



රියන් 81 ක් උස ඇස් 03 හා අත් 04 ඇති රතු ඇදුමින් ද කළු පාට ශරිරයෙන් යුතුව යෝධ ඌර වාහනයකින් ගමන් කරන මහසෝන් යක්ෂයා බවට පත්විය. මොහුට අවතාර 05 ක් ඇති බවද සදහන් වේ.
එනම්,

එළුවකු වාහනයක් කරගත් "ලේ සොහෝන් යක්ෂයා"
මුවකු වාහනයක් කරගත් "අමු සොහොන් යක්ෂයා"
අශ්වයා වාහනය කරගත් "ජය සොහොන් යක්ෂයා"
බැටළු වාහනය සහිත "මරු සොහොන් යක්ෂයාද ",
අලියකු පිට යන "ගොළු සොහොන් යක්ෂයාද"

මේ මහසෝන් යක්ෂයාගේ පංච අවතාර වේ.
වෙසමුණි රජු මහ සොහෝන් යක්ෂයාට දෙගාත ( මිනිස් හා කුකුළු )
බිලිපුද ලබා ගැනීමට අවසර දී ඇත.සුසාන භූමි කදු මුදුන් හා ගිරිහෙල් වාසස්ථාන කර ගත්
බුදු අණටද යටත් නොවේ යයි පවසන මහ සෝහෝන් යක්ෂයා ගෝඨයිම්බර දැහැනට පමණක් අවනත වන බව පැවසේ....
(ඒ ගැන නම් විශ්වාස කරන්න අමාරුයි නේද?.. මොකද බුදු අණට සියල්ලන්ම යටත් වන බැවින් කියලා මට හිතෙනවා!)
රිටිගල දැනට උගන්වන රිටිගල විශුද්ධි අංගම් ශාස්ත්‍රය
නැත්නම් අපි අහලා පුරුදු
සුදලිය අංගම් පොර පරම්පරාවේ ද උරුමක්කාරයා
එය රිටිගල පරපුරට ලබා දී ඇත්තේ මේ රිටිගල ජයසේන සේනාධිපතියායි...
එය අදටත් එම ප්‍රදේශයේ උගන්වනු ලබයි..

මතතද අකාල සන්ධ්‍යා කියලා ටිවි එකේ ගිය නාට්‍යයෙත් ‍මේ රිටිගල ජයසේන හිටියා.... !

ලොවටම ආදර්ශයක් උන ස්ටීව් ජොබ්ස්ගේ ගේ දිවියේ අප දැනගත යුතු කතාව

ගරාජයෙන් පටන් ගත්ත ස්ටීව් ජොබ්ස්ගේ Apple කඩේ.... Think Different !! So Steve Jobs changed the world with an apple



1976 අප්‍රේල් මාසයේ 01 වැනිදා ස්ටීව් ජොබ්ස් (Steve Jobs) , ස්ටීව් වොසැන්ක්ස්
(Steve Wozniak)
හා රෝලන්ඩ් වේන් තුන්දෙනා එකතු වෙලා ඇපල් නම් වු සමාගම ආරම්භ කලා.
ඒ වොක්ස්වැගන් වෑන් රථයක් හා කැල්කියුලේටර දෙකක් විකුණා
ලබා ගත් ඩොලර් 1300 ක මුදලින්! 

ඒ සමාගමේ මුල්ම ස්ථානය වුනේ
ස්ටීව් ජොබ්ස් පදිංචි වෙලා හිටිය ගෙදර වාහන නවත්වන ගරාජය.. 

ස්ටීව් ජොබ්ස් (Steve Jobs) හා ස්ටීව් වොසැන්ක්ස් (Steve Wozniak)


සමාගම මෙහේම පටන් ගත්තට “ඇපල්“ කිව්ව ගමන් දැන්
අපිට කන ඇපල් වලටත් කලියෙන් එක පාර මතක් වෙන්නේ
ඇපල් අයි පෝන් , ඇපල් අයි පොඩ් ගැන.. 

බොහෝ විට එහේමයි..ඒ තරමට එය අපිට හුරුපුරුදුයි..

2011 පෝබස් සඟරාවට අනුව ලොව 110 වැනි, ඇමරිකාවේ 34 වැනි ධනවත්ම පුද්ගලයා ලෙසද, වසරකට ඩොලර් බිලියන 2 ආදායමක් ලබන ඔහු 2011 වන විට ඩොලර් බිලියන 8.3 ආදායමක් උපයා ඇත. ඇපල් සමාගමේ විධායක ධුරයෙන් ඉවත් වන බව සැලවීමත් සමඟ ලොව පුරා ඔහු පිලීබඳ අදහස් පලවුනි.මේ විස්තරය ඒ පුද්ගලයා ස්ටීව් ජොබ්ස් ගැනයි.


කියවලා බලලා අදහක් දාලම යන්න කියලා ඉල්ලා සිටිනවා!!

1955 පෙබරවාරි මස 24 දින ග්‍රීන් බේහීදී ,
සිරියානු ජාතිකයකු වු අබ්දුල් පට්ටහා ජනදාලි
(Abdul fattha Jandali) ට හා ජොආන් සිම්ප්සන්
ඔහු ගේ පියා හා මව විය.
1972 දි
homested උසස් පාසලෙන් අධ්‍යාපනය ලබාගත් ඔහු ඔරිගන් හි පෝට්ලන්ට් පාසලට ඇතුලත් වු අතර එයින් ඉවත් වු ඔහු විදේශ සංස්කෘතින් පිලබඳ ඉගෙනීමට යොමුවිය.
තාක්ෂණය ගැන වැඩි ඇල්මක් දැක්වු වයස 21 වු ස්ටීව් ජොබ්ස් හා මිත්‍ර වුනු අවුරුදු 26 වු විදුලි ඉංජිනේරුවකු වු ස්ටීව් වොසැන්ක්ස් එකල
Blue box හෙවත් ඉතා අඩු මිලට දුරකතන ඇමතුම් ලබා ගත හැකි වු කුඩා උපකරණයක් සාදන ලදි.


ස්ටීව් වොසැන්ක්ස් Blue box එකක් අතැතිව...


මෙකල ඔහුගේ ජයාරෑපයක්..
1972 දි HP සමාගමේ වැඩ කරන අතරදී ජොබ්ස් ට වොසැන්ක්ස් මුනගැසුනු අතර එසේ 1972 දි නිර්මාණය වු ඇපල් සමාගමේ මුල්ම පරිගණකය Apple1 නම් විය.
එය සාර්ථක වීමත් සමඟ
Apple II ලෙස
ප්ලාස්ටික් කවරයක් යෙදු අලංකාර පරිගණකයක් නිර්මාණය කල අතර
ඩොලර් 300 මිල වු එහි 4
Kb රැම් එකකින් යුතු විය.
1976 දිම රෝලන්ඩ් වේන් හා එක්ව සමාගම සඳහා ලාංජනයක් නිර්මාණය කරන ලදි.
එහි අයිසැක් නිව්ටන් යැයි කිව හැකි අයකු ගසක් යට වාඩිවි සිටින අයුරු දැක්වේ. 

රෝලන්ඩ් වේන් සති දෙකකින් එම සමාගමෙන් ඉවත්වීමත් සමඟ
1977 දි මයික් මාර්ක්කුලර් සමග එක්ව
ඇපල් ගෙඩියක කෑල්ලක් කා ඇති ආකාරයටත් එහි වර්ණ සඳහා
දේදුන්නේ වර්ණ වැරදි අතට යොදා ගනිමින් නැවත නිර්මාණය කරන ලදි.
1997 දි නැවත සමාගමට එක්වීමත් සමග ස්ට්වී ජොබ්ස් එයටම ඝණ වර්ණයක් යොදා දැනට පවතින සලකුණ නිර්මාණය කරන ලදි.


1984 දි
Apple Mactonish පරිගණකයක්ද නිපද වු අතර එයද ඉතා හොදින් විකිණෙන ලදි.

1986 දි ජොබ්ස් හා ඇපල් සමාගම අතර වු පරිපාලන හේතු මත එයින් ඉවත්ව
NeXT Step නමින් සමාගමක් ආරම්භ කල අතර පලමුව වෙබ් අඩවි www හෙවත් World wide web ආරම්භයද සිදුකරන ලද්දේ මේ සමාගම නිපද වු NeXT පරිගණකයකිනි.


Pixar.Incනැමති සජිවිකරන කාටුන් ඉදිරිපත් කරන සමාගම ආරම්භ කල ඔහුFinding nemo , Toy story වැනි චිත්‍රපට සමග


හොලිවුඩයේ ජනප්‍රිය චරිතයක් විය. 

2003 දි සංගීතය වෙනුවෙන්
iPod හදුන්වා දුන් ඔහු පසුව එය itunes ලෙසින් නම් කරන ලදි.


දුර්වල කලමණාකරනයෙන් යුතුව කඩා වැටෙමින් තිබු ඇපල් සමාගමේ 1993 කටයුතු කල
Gil amelio 1996 දෙසැම්බරයේ විශ්‍රාම යාමට පෙර ඩොලර් මිලියන 377 ගෙවමින් NeXT Step සමාගම මිලදි ගනිමින් ස්ටීව් ජොබ්ස් ඇපල් සමාගමේ විශේෂ උපදේශක බවට පත්කර ගන්නා ලදි.


අවුරුදු 12 පසු නැවතත් ඔහු ආරම්භ කල සමාගමට පැමිණි ඔහු Gil amelio ගේ විශ්‍රාම යාමත් සමඟ ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරට පත්විය.
වැටී තිබු සමාගම නැවත ගොඩගැනීම ලාංජනය වෙනස් කරමින්ම ආරම්භ කල ඔහු ඔවුන් හා වෙනත් සමාගම් හා තිබු ගිවිසුම් ඉවත් කරමින්ද, Printer, Scanner වැනි එම සමාගමේ
ප්‍රධාන නිෂ්පාදන 19 න් 15 ක්ම නිෂ්පාදනය නවතා දමමින් පරිගණක ,ෆෝන් හා
අතේ රැගෙන යා හැකි පරිගණක හා
ඒවාට යම් යම් දෑ එකතු කරමින් දියුණු කරන්නට විය.

iPhone
දැනට වැඩියෙන්ම විකිණෙන ෆෝන් වර්ගයයි..

iPad
නමින් ටැබ්ලට් වර්ගයද එසේමයි.
දැන් ඒ නමට සමකරන්නට කිසිවකට තවමත් හැකියාවක් ලැබි නැත...



ඔහුටම ආවේනික වු දැක්මක් හා නිර්මාණශීලිත්වයකින් හා මනාව මග පෙන්වමින් අසාර්ථක වු ව්‍යාපාරයකට අද වන විට සාර්ථකත්වයේ හිනිපෙත්තටම ඔහු රැගෙන ඇවිත් ඇත.
මෙම මස මුලදී ඇපල් සමාගම ඇමරිකාවේ වටිනාම සමාගම වශයෙන් තේරි තිබු අතර
එහි වටිනාකම ඩො.බි.349 විය.

2003 දි තමන්ට ආමාශායේ පිලිකාවක් ඇතැයි හදුනාගත් පසුව ස්ටැනෆර්ඩ් සරසවියේදි ජිවිතය හා මරණය පිලිබඳව ඔහු කල කතාව ලොව පුරා ඉතා ජනප්‍රිය විය.

ස්ටැනෆර්ඩ් සරසවියේදි ජිවිතය හා මරණය පිලිබඳ කතාව.....
2010 දි ඇමරිකානු ජනපති බැරක් ඔබාමා හා අන්තර්ජාලයේ ප්‍රධාන ආයතන ප්‍රධානින් රැසක් හා සිලිකන් වැලි හීදි රාත්‍රි සාදයකට සහභාගි විය.

එහිදි මාක් සුකර්බර්ග්,ගුගල් ප්‍රධාන විධායක එරික් ස්කැමිඩිට්,ටිවිටර් විධායක ප්‍රධානි ඩික් කොස්ටොලෝ යන අයද සහභාගි විය
සිලිකන් වැලි හි තම බිරිඳ හා දරුවන් තිදෙනෙකු හා කලින් විවාහයේ දියණියක වන ලීරා ජොබ්ස් හා ජිවත් වන ජොබ්ස් පසුගිය මාසයේදි වයස 56 සපිරෙද්දී ඇපල් සමාගමේ
විධායක නිලධාරී පුටුවෙන් ඉවත් වීමට ලිපිය ලබා දී තිබුනි.

අසනීප තත්වය නිසා දිගින් දිගටම නිවාඩු ගැනීමට සිදුවීම මෙසේ සේවයෙන් විශ්‍රාම යාමට හේතුවන්නට ඇතැයි බොහෝ දෙනා කීවද ඒ ගැන සමාගම කිසිවක් ප්‍රකාශ කොට නැත.
එහෙත් සමාගමේ සභාපති ධුරයට ඔහු පත්වී ඇත.. 
ස්ටිව් ජොබ්ස්ගේ සේවයෙන් ඉවත් වීමේ ලිපිය...

මේ ඉවත්ව යාම බොහෝ මාධ්‍ය දක්වා තිබුනේ “යුගයක අවසානය “ ලෙසට දැක්වුවත් ඉල්ලා අස්වීමේ ලිපියේ ඔහු දක්වා ඇත්තේ ඇපල් සමාගමේ දිප්තීමත් හා නිර්මාණශීලි භාවය ඇත්තේ තවත් ඉදිරියේදි බවත් වෙනත් තනතුරක සිට එදෙස සතුටින් බලාසිටින බවත්ය.
ජොබ්ස්ගේ සමුගැනීමට පසු ටිම් කුක් (Tim Cook) ප්‍රධාන විධායක නිලධාරි තනතුරට පත්විය..
මේ වන විට ඇපල් සමාගමේ 9736 වන සේවක පිරිසක් සේවය කරනු ලබයි.

ඔක්තෝම්බර් 21 ඇපල් සමාගම තම
නවතම ඇපල්
iPhone5 නිකුත් කරිමට නියමිත බව කියවේ..
එකල ඇපල් සමාගම ගැන වු දැන්වීමක්..... 


Three apples that changed the world -
One seduced Eve,
one awakened Newton,
the third one was in the hands of Steve Jobs
අදසක් ඉදිරිපත් කරලාම යන්න හොදද!!!

ඇපල් සමාගමේ ලිපිනය....
1 Infinite Loop
Cupertino, California 95014
U.S.A.
Telephone: (408) 996-1010
Fax: (408) 974-2113

වෙබ් අඩවිය...

http://www.apple.com

විශ්මයජනක වු මායාකාර හැරී පෝටර්ගේ නොපෙනී යන කබාය විද්‍යාඥයින් සොයා ගනී.-

Harry Potter Invisibility cloak becomes reality in Texas..

විශ්මයජනක වු මායාකාර චිත්‍රපටියක මනංකල්පිත වු යමක් විද්‍යාවේ දියුණුවත් සමඟ සැබෑවක් බවට පත්වීමත් ඇත්තටම “මාරයි“ නේද?

මොකද නොපෙනී යන්න කවුද අකමැති..
හැරී පෝටර් පළමු චිත්‍රපටියේ විනිවිද පෙනෙන නොපෙනී යන කබායක් ඇද ගෙන යන හැරි පෝටර්ව කාටත් මතක ඇති..

මතක නැති අය මේ පින්තුරේ දැක්කාම මතක් වෙයි..




කොහෝම වුනත් මෙවැනි අදහසක් මුලින්ම ඇවිල්ලා තියෙන්නේ 1993 දි තිරගත වුන Invisible man නම් වුනු චිත්‍රපටියකින් ලු...


අද "ඉසව්ව" පැත්තට දාන්න කියලා යන්නෙත් ඒ වගේ දෙයක් කියාලා මාතෘකාව දැක්කාම හැමෝම දන්නවනේ...

ආ.. ඒක ඇති දැන් 2011 ට එමු...

පහුගිය ඔක්තෝම්බර් මාසේ අන්තර්ජාලයේ පුවතක කියවුනේ හැරී පෝටර්ගේ නොපෙනී යන කබාය විද්‍යඥයින් සොයා ගනී.. එය දැනටමත් වතුර යට වැඩ කරනවා කියලයි. ඉතින් ඒ ගැන හා ඊට සම්බන්ධ විස්තර ටිකක් තමා මේ...
පින්තුර විස්තර විඩියෝ සියල්ලම අන්තර්ජාලයෙන්...

කියවලා බලලා මේ ගැන අදහසක් එකතු කරන්න කියලත් ඉල්ලනවා...

ගිය ඔක්තෝම්බර් මාසේ ඇමරිකානු ටෙක්සාස් විශ්වවිද්‍යාලයේ පර්යේෂක කණ්ඩායමක් විනිවිද පෙනෙන කාබන් පරමාණු ඉතා කුඩා කරමින් ඒවා මිලියන ගනනින් එකතු කොට මිනිසා විසින්ම සැදු කාබන් නැනෝටියුබ් නැමැති කඩදාසි භාවිත කරමින් සිදුකල පර්යේෂණයකට පසු මෙවැනි කබා නිපද වීමට එමගින් හැකිවේයයි පවසනවා...

මතුපිටක සිට පරාවර්තනය වී පැමිණෙන ආලෝකය ඇසට ලගා වීමට පෙර විහිදවා දැමීමේ ක්‍රමවේදයක් මේ සඳහා ඔවුන් භාවිතා කරන අතර එය දැනටමත් ජලය තුලදි සාර්ථකව සිදුවෙනවා...
මේ තියෙන්නේ එහි අවස්ථා දෙක...
බලන්න
පලවෙනි රූපයේ Invisibility cloak වචනය
දෙවනි එකේදී නැතිවෙලා ගිහිල්ලා...




එය හරියට අපි දකින මිරිඟුව වගේලු..
විඩියෝ යට තියෙනවා..

ප්‍රධාන පර්යේෂක Ali Aliev මහතා එම පර්යේෂණය සිදුකරන අයුරු
යු ටියුබයට එකතු කර අතර එය සැබැවින්ම සිදුවන බව දැකිමෙන් ඔහු සතුටු වන බවත් මෙය විද්‍යාවේ නව මාවතක් බවත් ප්‍රකාශ කරයි..





Ali Aliev මහතා



















මේ තියෙන්නේ ඒ විඩියෝව...




ස්විඩනයේ පර්යේෂකයින් පිරිසක් මේ පිළබඳව වැඩි දුරටත් පර්යේෂණ සිදුකරනුයේ යුධ ටැංකි සඳහා මෙය යොදා ගෙන උෂ්ණත්වය සොයා ගෙන එන මිසයිල වලින් ආරක්ෂා විම ඉටු කර ගැනීමටයි...

දැක්කා නේ???
මේ අවුරුද්දේ එහේම වෙද්දි 2010 දි එනම් ගිය අවුරුද්දේ ස්කොට්ලන්තයේ ඇන්ඩෘ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඇන්ඩෘ ඩි පැල්කෝ සමග එකතු වෙච්ච පර්යේෂකයන්

මෙටෆෙලෙක්ස් (Metaflex)



නම් වු මුලද්‍රව්‍යක් යොදා ගෙන ආලෝකයේ දිර්ඝ තරංග ආයාම ලෙස වස්තුවට වැලැක්වීම වලක්වා එම වස්තුව ඇසට පෙනීම වැලැක්වීම සඳහා පරීක්ෂා කටයුතු කල අතර එම මුලද්‍රවයේ අනු තවත් කුඩා කරමින් එයින් මෙටාමැටීරියල්(Metamaterials) නැමති ද්‍රව්‍යක් නිපද වු අතර ඝන ද්‍රව්‍යක් වු එහි අංශු තව තවත් කුඩා කරමින් එමගින් නැමෙන සුළු වු "මෙටාමෙම්බුෆ්ස්" නැමැති ද්‍රව්‍යක් සාදා






එයින් කිහිපයක් එකතු කරමින් නැමෙන සුළු රෙදි වර්ගයක් නිපදවා ඇත. එමගින් මෙම විශ්මය ජනක වු මායාකාර කබාය නිපද විය හැකි බවයි ඔවුන් ප්‍රකාශ කර තිබුනේ...


අනික මෙම මෙටාමෙම්බුෆ්ස් මගින් සාමාන්‍ය කාච වලට වඩා බලයෙන් වැඩි කාච නිපද වන්නට පුළුවන් හැකියාවත් ලැබිලා...

2009 දි ඇමරිකානු ඩියුක් සරසවියේ පර්යේෂකයන්
'broadband ground-plane cloak'
ලෙස හැදින්වු ආලෝකය හරවා යවන තාක්ෂණයක්
සොයා ගත්තත් එය එතරම් සාර්ථක වී නැත.
ක්‍රෝනෙල් සරසවියේ ද පර්යේෂකයින් මේ කබාය නිර්මාණය කිරිමේ කටයුතු ගැන පර්යේෂණ කලත් මෙවැනි සාර්ථක ක්‍රම ලැබි නැත..

කොහෝම වුනත් මේ යන විදිහට නම් ඉක්මනටම නොපෙනී යන කබායක් ගන්න නම් බැරිවෙන එකක් නෑ..
හැබැයි මේක හොදට වඩා නරක දේවල් වලටත් යොදා ගන්න ඉඩකඩ වැඩියි නේද?
මොකද ඉතින් නොපෙනී ඉදගෙන කියක් දේවල් අපිට කරගන්න පුළුවන්ද නේද?
මේ දැනුත් මැවි මැවි පේනවා...

Sunday, December 25, 2016

ඇල්බට් අයින්ස්ටයින් ලොව දරුණුතම ස්වාමිපුරුෂයාද?


ඇල්බට් අයින්ස්ටයින් මෙලොව ජනිත වූ ශ්‍රේෂ්ඨතම බුද්ධිමතකු බව නොදන්නා අයෙක් නොමැති තරම්ය. නූතන භෞතික විද්‍යාවේ පියා ලෙස සැලකෙන ඇල්බට් අයින්ස්ටයින් පිළිබඳ බොහෝ දෙනකු නොදන්නා පෞද්ගලික කාරණාවක් මෑතකදී මාධ්‍ය හරහා අනාවරණය විය. ඒ සැමියකු සහ ආදරවන්තයකු ලෙස ඇල්බට් අයින්ස්ටයින් සිය පෞද්ගලික ජීවිතයේදී අසාර්ථක පුද්ගලයකු වූ බවය.

මේ කරුණු මුල් වරට හෙළිදරව් වූයේ ප්‍රකට චරිතාපදාන රචකයකු වන වෝල්ටර් අයිසැක්සන්, ඇල්බට් අයින්ස්ටයින්ගේ චරිතය පාදක කොටගෙන ලියූ “Einstein: His Life and Universe”කෘතිය මඟිනි. මේ කෘතිය තුළ විග්‍රහ කෙරෙන ආකාරයට අයින්ස්ටයින් සිය ජීවිතයේ ප්‍රේමණීය වීම නමැති සටනේදී නිරන්තරයෙන් පරාජයට පත් වූවෙකි. ආයාසයෙන් පටලවා ගත් පෙම් පලහිලව්වක් පවා දුරදිග පවත්වා ගැනීමට තරම් හැඟීම්බර ස්වභාවයක් අයින්ස්ටයින් වෙත නොතිබූ බව වෝල්ටර් අයිසැක්සන් සිය කෘතියේ සටහන් කරන්නේය.

ඔහු ඇල්බට් අයින්ස්ටයින් සහ මිලේවා මාර්ක්ගේ විවාහ ජීවිතය පිළිබඳ හෙළිකරමින් පවසන්නේ ඇල්බට් අයින්ස්ටයින් යනු ලෝකයේ දරුණුතම ස්වාමිපුරුෂයා වීමට ද ඉඩ තිබෙන බවයි. මිලේවා මාර්ක් සහ ඇල්බට් අයින්ස්ටයින් මුල් වරට හමුවන්නේ 1896 වසරේදී සිවු වසරක භෞතික විද්‍යා සහ ගණිත ඉගැන්වීමේ පුහුණු ඩිප්ලෝමා වැඩසටහනක අධ්‍යයන කටයුතු අතරතුර ය. එම ඩිප්ලෝමාව හැදෑරීමට තේරී පත් වී සිටියේ සිසුන් පස්දෙනකු සහ ශිෂ්‍යාවක පමණි. ඒ එක ම ශිෂ්‍යාව මිලේවා මාර්ක්ය. ඇගේ තීක්ෂණ බුද්ධියට සහ ආකර්ෂණීය පෙනුමට ඇල්බට් අයින්ස්ටයින්ගේ සිත ද ලොබ බැන්දේය.



මිතුදම ආදරයකට පෙරළුණු අතර, ඒ ආදරයේ ප්‍රතිඵලයක් ලෙස අයින්ස්ටයින්ට දාව දියණියක මෙලොව උපදින්නේ, මිලේවා සහ අයින්ස්ටයින් නීත්‍යානුකූලව විවාහ වීමට ද පෙර ය. ඒ දියණිය කිසිවකුට හෝ දරුකමට හදාගන්නට දී ඇත. 1903 වසරේදී ඇල්බට් අයින්ස්ටයින් සහ මිලේවා මාර්ක් විවාහ විය. ඉන්පසු අයින්ස්ටයින්ට දාව මිලේවාට උපන්නේ පුතුන් දෙදෙනෙකි. ඒ හාන්ස් ඇල්බට් අයින්ස්ටයින් සහ එඩ්වඩ් ය.

දරුවන් ලද්දේ වුව ද අයින්ස්ටයින් සහ මිලේවා ගත කළේ පී‍්‍රතිමත් යුග දිවියක් නොවේ. එහෙත් දරුවන් වෙනුවෙන් තමන් දෙදෙනා එක්ව ජීවත් විය යුතු බව අයින්ස්ටයින් තරයේම විශ්වාස කළේය. ඒ වෙනුවෙන් ඔහු මිලේවා වෙත නීති රීති ලැයිස්තුවක් පැනවීය. දරුවන් වෙනුවෙන් එකට ජීවත්වීම උදෙසා එම නීති ඉවහල් වනු ඇති බව ද විශ්වාස කළේ ඔහුගේ බුද්ධි මහිමයට කිසිසේත් නොගැළපෙන ලෙසට ය. එසේම එම නීති රීති අනුව මිලේවා හට හිමිවිය යුතුව තිබුණේ අයින්ස්ටයින් නිවෙසේ භාර්යාවගේ තනතුර නොව, මෙහෙකාරියගේ තැනය.

ඇල්බට් අයින්ස්ටයින් මෙම නීති පද්ධතිය ලියූවේ 1914 දී ය. ඒ ඔහු සහ මිලේවා අතර විවාහයෙන් වසර 11 කට පසුව ය. එම නීතිවලට අනුව ඇය වහලියක සේ අයින්ස්ටයින් වෙත සේවය කළ යුතු වුවද කිසිදා ප්‍රශංසාවක් හෝ ආදරණීය බවක් ඒ වෙනුවෙන් බලාපොරොත්තු විය නොහැකි බවට ද ඇල්බට් අයින්ස්ටයින් සිය නීති ලේඛනයේ පැහැදිලිව සටහන් කොට තිබිණි.

ඇල්බට් අයින්ස්ටයින් සිය බිරිඳ වූ මිලේවා මාර්ක් වෙත පනවා තිබූ නීති පද්ධතිය විස්තරාත්මකව පහත පරිදි වේ.

අනිවාර්ය රාජකාරි
* මාගේ සියලු රෙදිපිළි නිසි පිළිවෙළට සෝදා නමා තැබිය යුතුය.
* දිනක ආහාර වේල් තුනක් මගේ කාමරයට ලැබීමට සැලැස්විය යුතුය.
* මගේ නිදන කාමරය පිළිවෙළට පිරිසුදුව සකස් කළ යුතුය. කිසි විටෙකත් මගේ ලියන මේසයට අතවත් තැබිය යුතු නැත.
* අප දෙදෙනා අතර අන්තර් සබඳතාව පිළිබඳ සමාජීය අවශ්‍යතාවක් පැන නැඟුණ විට පවා ඔබට මා සමඟ එකට නිවෙසේ අසුන්ගෙන සිටීම සහ ගමන් බිමන් යාම පිළිබඳ ප්‍රශ්න කළ නොහැකිය.

අප අතර ඇති සබඳතාවයේදී
* ඔබ මගෙන් කිසිදා ආදරයක් බලාපොරොත්තු වීම හෝ ඒ වෙනුවෙන් පෙලඹවීම් කිරීම සිදු නොකළ යුතුය.
* මම අණ කළ විගස ඔබ මා සමඟ කරන කතා කිරීම නැවැත්විය යුතුය.
* මම අණ කළ විට කිසිදු විවාදයකින් තොරව ඔබ මගේ නිදන කාමරයෙන් හෝ අධ්‍යයන කාමරයෙන් පිටවිය යුතුය.
* විශේෂයෙන්ම ඔබ මගේ දරුවන් ඉදිරියේ මා හෑල්ලුවට ලක්කරන ලෙස කතා කිරීම හෝ හැසිරීම සිදු නොකළ යුතුය.



ඇල්බට් අයින්ස්ටයින්ගේ එම නීති මාලාව හිත් පිත් ඇති කිසිදු ගැහැනියකට බිරිඳක් ලෙස ඉවසා දරා ගත හැකි නොවේ. එහෙත් මිලේවා එම අභියෝගය පවා භාර ගත්තීය. එහෙත් එහි පීඩනය ඇගේ සිත තලා පෙලා දැමූ අතර, සිය දරු දෙදෙනා ද කැටුව ඇය ඇල්බට් අයින්ස්ටයින් අතහැර ගියාය. 1919 වසරේදී මිලේවා අයින්ස්ටයින් සමඟ වූ විවාහ බැම්මෙන් නීත්‍යානුකූ®ලවම වෙන් විය. එය අයින්ස්ටයින්ගේ පැරණි පෙම්වතියන්ට නම් කිසිසේත්ම පුදුමයට කාරණාවක් නොවූ බව වෝල්ටර් අයිසැක්සන් සිය කෘතියේ සටහන් කර තිබේ.

පසුව ඇල්බට් අයින්ස්ටයින් සිය නෑනා වූ එල්සා ලොවෙන්නාල් සමඟ පෙම් සබඳතාවක් ඇරැඹීය. 1919 වසරේදී දෙදෙනා විවාහ විය. 1935 වසරේදී දැඩි ලෙස රෝගී වූ එල්සා හෘද රෝග සහ වකුගඩු ආශි‍්‍රත ගැටලු නිසා 1936 වසරේ ජීවිතයෙන් සමුගත්තාය. මිලේවාට මෙන්ම එල්සාට ද අයින්ස්ටයින්ගේ හිත්පිත් නොමැති අමුතුම ආදරයෙන් පීඩාවට පත්වන්නට වූවාද යන්න පිළිබඳ නම් සාක්‍ෂියක් නැත. එහෙත් දෙදෙනා අතර පී‍්‍රතිමත් යුග දිවියක් තිබූ බවට පවා සඳහනක් නොවේ.

ඇල්බට් අයින්ස්ටයින් මුළු ලොවටම එදත් අදත් හෙටත් ශ්‍රේෂ්ඨතම පුද්ගලයෙකු බවට සැකයක් නැත. එහෙත් ඔහු පවා අංග සම්පූර්ණ මිනිසකු නොවන්නේය.ඔයාට හිතෙන දේ ගැන කොමෙන්ටුවක් කොටලම යන්න කියලත් පොඩ් ඉල්ලීමක් කරනවා.එහෙම මොකුත් නැත්තන් බැනලා හරි යන්නකෝ.. එහෙනම් තව පෝස්ට් එකකින් හමුවෙනකල් දිගටම හොයලබලන්න..



දිනමිණ පුවත්පත ඇසුරිණි.

තමන්ගේ නිර්මාණ නිසාම ජීවිතය අහිමි කරගත් ශ්‍රේෂ්ඨ නව නිපැයුම්කරුවෝ




ඔබ දන්නවාද, තමන්ගේ ජීවිතය පවා අවධානමකට ලක්කරගනිමින් ලෝකයට නව නිර්මාණ බිහිකරන්නට පෙළඹුනු නව නිපැයුම්කරුවන් මේ ලෝකයේ සිටිනවා. අයිෆල් කුළුණෙන් බිමට පනින්නට, අන්තරායකාරී විකිරණ වලට නිරාවරණය වෙන්නට වගේ දේවල් වලට මේ අය බය වුනේ නැහැ. මේ පහතින් දැක්වෙන්නේ ඒ වගේ තමන්ගේම නිර්මාණ නිසා ජීවිතය පවා අහිමිකරගත් නව නිපැයුම්කරුවන් කිහිප දෙනෙක් ගැනයි.


1. Henry Smolinski

 

ඔහු ඉංජිනේරුවරයෙක්. ඒ වගේම ඔහු පියාඹන කාරයක නිර්මාණකරුවෙක්. Ford Pinto මෝටර් රථයකට Cessna Skymaster ගුවන් යානයක බඳ කොටස සම්බන්ධ කර නිර්මාණය කල AVE Mizar යානයේ නිර්මාතෘ ඔහුයි. නමුත් අවාසනාවකට ඔහු ගමන් ගත් AVE Mizar යානය අනතුරට ලක්වීමෙන් හෙන්රි සහ ඔහුගේ සහායකයා 1973 දී මියගියා.






2. Franz Reichelt

 

ඕස්ට්‍රේලියාවේ උපත ලද ප්‍රංශ නිමැවුම්කරුවෙකු වන ෆ්‍රාන්ස් සිය විවේක කාලය ගත කලේ පියාඹන පැරිෂුටයක් නිර්මාණය කිරීමටයි. ඇඳුමක් ලෙස ඇඳගෙන ඉහළ තැනක සිට පියාඹාගෙන එන්නට මේ අපූරු පැරිෂුටයට හැකියාව තියෙනවා. නමුත් අවාසනාවකට එම පැරිෂුටය අත්හදා බැලීම සඳහා අයිෆල් කුළුනේ සිට බිමට පනින අවස්ථාවේදී පැරිෂුටය ක්‍රියාත්මක නොවීම නිසා ඔහු එතැනම මියගියා. 1912 වසරේ පෙබරවාරි මාසයේදී සිදුවූ මේ අනතුරේ වීඩියෝ පටයයි පහතින් දැක්වෙන්නේ.

3. Horace Lawson Hunley

 

ඇමරිකානු සිවිල් යුද්ධ සමයේදී ඔහු නාවුක ඉංජිනේරුවරයෙක්. ඔහු තමයි අතින් ක්‍රියාත්මක වන ප්‍රථම සබ්මැරීනයේ නිර්මාතෘ ඔහුයි. නමුත් 1863 සිය සබ්මැරීනය අනතුරට පත්වීමෙන් ඔහු ඇතුළු 7 දෙනෙක් වූ කාර්යමණ්ඩලය ජීවිතක්ෂයට පත්වුණා.

4. Marie Curie

 

මාරි කියුරි විකිරණ ශිල්පය පිළිබඳව පර්යේෂණ කල රසායන විද්‍යාඥවරියක්. පොලෝනියම් හා රේඩියම් යන මූලද්‍රව්‍ය සොයාගැනීම පිලිබඳවත් විකිරණශීලතාව පිළිබඳ මූලද්‍රව්‍ය හඳුන්වාදීම පිළිබඳවත් ඇයට ගෞරවය හිමිවනවා. කෙසේ වෙතත් 1934 දී විකිරණ ශරීරගත වීම නිසා ඇතිවන Aplastic Anemia නම් රෝගී තත්වය නිසා ඇය ජීවිතක්ෂයට පත්වුනා.

5. Valerian Ivanovich Abakovsky

 

අධිවේගී රේල් කාරය (Aerowagon) නිර්මාණය කල මොහු රුසියානු ජාතික නිපැයුම්කරුවෙක්. ගුවන් යානා එංජිමක් හා තටු සහිත මේ යානය සෝවියට් නිළධාරීන් රැගෙන යාම සඳහා භාවිත කල වේගවත් මෝටර් රථයක්. කෙසේ වෙතත් එම මෝටර් රථය පුපුරා යාමෙන් ඇබකොව්ස්කි ඇතුළු 5 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා.

මේ වගේ තවත් ඔබ දන්නා නවනිපැයුම්කරුවන් ඉන්නවා නම් ඒ ගැන comment section එකේ පළ කරන්න. ඒ වගේම තාක්ෂණික ලෝකයේ අලුත් අපූරු සිදුවීම් එසැනින් දැනගන්න අපේ ෆේස්බුක් පිටුව like කරන්නත් අමතක කරන්න එපා.මේ ගැන කොමෙන්ටුවක් කොටලම යන්න කියලත් පොඩ් ඉල්ලීමක් කරනවා.එහෙම මොකුත් නැත්තන් බැනලා හරි යන්නකෝ.. එහෙනම් තව පෝස්ට් එකකින් හමුවෙනකල් දිගටම හොයලබලන්න..

හිත් කියවන පට්ටම මැජික් එකක්(100% Working)



                         ඔන්න අද මම ඔයාලට කියල දෙන්න යන්නෙ  Mind Reading Trick එකක්. ටික දවසකින් Mind Reading Trick එකක් කියල දුන්නෙත් නෑ නෙ. මේ ප්‍රයෝගයේ නම තමයි Number's Game. අපි බලමු මොකක්ද මේකෙ වෙන්නෙ කියල.

මේකෙ වෙන්නෙ මෙහෙම දෙයක්.

ඔයා නරඹන්නාට පැක් එකෙන් කැමති කාඩ් 2ක් ගන්න කියනවා. ඊට පස්සෙ ඔයාගෙ මානසික බලය යොදලා ඒ කාඩ් 2 මොකක්ද කියල කියනවා. මානසික බලය කියල කිවුවම බය වෙන්න එපා. අපි බලමු කොහොමද වැඩේ යන්නෙ කියල.

මෙන්න වැඩේ යන හැටි.

මුලින්ම මේ ප්‍රයෝගයට පෙර සූදානමක් වශයෙන් ඔයා පැක් එකේ තියෙන සියලුම, අංක 10, Jack(J), Queen(Q), King(K) යන කාඩ් ඉවත් කරන්න. ඒ වගේම මෙහිදී අසියා (Ace) ගේ වටිනාකම 1 ලෙස ගන්න.

දැන් ඔයා ප්‍රයෝගය ඉදිරිපත් කරන්න සූදානම්. දැන් නරඹන්නා ඉදිරියේ පැක් එක හොදින් Shuffle කරන්න. දැන් නරඹන්නාට කියන්න එයා කැමති තැනකින් පැක් එක Cut කරන්න කියල. පැක් එක Cut කලාට පස්සෙ ගොඩවල් 2ක් තියෙනවා. දැන් ඒ ගොඩවල් 2 මේසය මත තියන්න. දැන් නරඹන්නාට කියන්න මේ ගොඩවල් 2න් එයා කැමති ගොඩක් පෙන්වන්න කියල. එයා ගොඩක් පෙන්නුවට පස්සෙ ඔයා ඒ ගොඩ අතට ගන්න. අරන් මුහුණත යටට සිටිනසේ ඒ ගොඩ අවානක් සේ සකසන්න.(fan out කරන්න). දැන් නරඹන්නාට කියන්න කැමති කාඩ් එකක් ගන්න කියල.

දැන් නරඹන්නාට කියන්න එයා ගත්ත කාඩ් එකේ මුහුණත වටිනාකම 2න් වැඩි කරන්න කියල. ඊට පස්සෙ ඒ ආපු පිළිතුරට 5ක් එකතු කරන්න කියන්න. දැන් ලැබුනු පිළිතුර 5න් වැඩි කරන්න කියන්න. දැන් නරඹන්නාට කියන්න එයාට ලැබුනු පිළිතුර හොදින් මතක තියා ගන්න කියල.

දැන් කලින් පැක් එක Cut කරල ඉතුරැ වුන අනෙක් ගොඩ ගන්න. අරන් ඒකත් කලින් වගේ fan out කරල නරඹන්නාට කැමති කාඩ් එකක් ගන්න කියන්න. දැන් ඒ කාඩ් එකේ මුහුණත වටිනාකම කලින් ලැබුන පිළිතුරට ( මතක තියා ගත්ත පිළිතුරට ) එකතු කරන්න කියන්න. දැන් අවසාන පිළිතුර මොකක්ද කියල නරඹන්නාගෙන් අහන්න. එයා අවසාන පිළිතුර ඔයාට කිවුවට පස්සේ....

මෙන්න ප්‍රයෝගය.


.... ඔයා ඒ පිළිතුරෙන් 25ක් හිතෙන් අඩුකරන්න. දැන් ඔයාට පිළිතුරක් ලැබෙයි. ඒ පිළිතුර අනිවාර්යෙන්ම ඉලක්කම් 2කින් යුතු එකක්. ඒ පිළිතුරේ පළමු ඉලක්කම වෙන්නෙ නරඹන්නා මුලින්ම ගත්ත කාඩ් එකේ මුහුණත වටිනාකම. දෙවන ඉලක්කම වෙන්නෙ නරඹන්නා දෙවනියට ගත්ත කාඩ් එකේ මුහුණත වටිනාකම.

දැන් ඉතිං ඔයා පිහියෙන් ඇන්න වගේ පිළිතුර දෙන්න යන්න එපා. මේක Mind Reading Trick එකක්. ඒ නිසා ටිකක් නරඹන්නාගේ හිත කියවනවා වගේ පෙන්නලා, පොඩි වැඩක් එහෙම දාල පිළිතුර දෙන්න. එක පිළිතුරක් දීලා ආයෙත් ටිකක් රගපාලා එහෙම දෙවන පිළිතුර දෙන්න. ඔයා කැමති නම් මුලින් වැරදි පිළිතුරක් එහෙම දීල ආයේ චාන්ස් එකක් ඉල්ලලා නිවරදි පිළිතුර දෙන්න. එතකොට තමයි ප්‍රයෝගයේ අගය වැඩිවෙන්නෙ.

බලන්නකො මේ උදාහරණය.

අපි හිතමු මුලින්ම ගන්න කාඩ් එකේ මුහුණත අගය අංක 3 කියල.

මුලින්ම 3 * 2. ඒ කියන්නෙ 6.
දැන් ලැබුන පිළිතුරට 5ක් එකතු කරනවා. 6 + 5 = 11.
දැන් ලැබුන පිළිතුර 5න් වැඩි කරනවා. 11 * 5 = 55.

දැන් නරඹන්නාට මේ පිළිතුර හොදින් මතක තියාගන්න කියල දෙවනි කාඩ් එක ගන්න කියනවා. අපි හිතමු දෙවනි කාඩ් එකේ මුහුණත අගය 7 කියල. දැන් කලින් ලැබුන පිළිතුරට මේ අගය එකතු කරනවා.

55 + 7 = 62.

දැන් ඔයා නරඹන්නාගෙන් මේ පිළිතුර දැන ගත්තට පස්සෙ මේ පිළිතුරෙන් 25ක් අඩු කරන්න.

62 - 25 = 37

දැන් ඔබට ලැබුනු මේ පිළිතුරට අනුව නරඹන්නා ගත්ත පළමු කාඩ් එක වන්නේ මුහුණත අගය අංක 3 වන කාඩ් එකක්. නරඹන්නා ගත්ත දෙවන කාඩ් එක වන්නේ මුහුණත අගය අංක 7 වන කාඩ් එකක්.
මේ ගැන කොමෙන්ටුවක් කොටලම යන්න කියලත් පොඩ් ඉල්ලීමක් කරනවා.එහෙම මොකුත් නැත්තන් බැනලා හරි යන්නකෝ.. එහෙනම් තව පෝස්ට් එකකින් හමුවෙනකල් දිගටම හොයලබලන්න..

කාලය හරහා යාම (මට හිතෙන විදිය)

කාල තරණය ගොඩක් අය ආස දෙයක්. මන් දැන් කියන්න යන්නේ කාල තරණය ගැන මට හිතෙන දේ.

මුලින්ම අනාගතේට යමු

ඔන්න වස්තුවක් තියෙනවා එකේ ඉඳන් ආලෝකය එනවා A,B  කියන දෙන්න ඉන්නේ වස්තුවට සමාන දුරකින් ඒ කියන්නේ ඒ ඉන්නෙත් බී ඉන්නෙත් වස්තුවට සමාන දුරකින්.
හරි දැන් වස්තුවේ ඉඳන් ආලෝක තරංග දෙන්නටම එන්න ඕනේ එකම වෙලාවෙනේ දෙන්නම එකම දුරකින් ඉන්න හින්ද

මොකක්හරි සිද්දියක් නිසා Aට කලින් Bට වස්තුවේ ඉඳන් එන ආලෝකය එනවා කියමු

දැන් බී, A ට සාපේක්ෂව අනාගතේ තම ඉන්නේ. මොකද A දකින්නන කලින් බී වස්තුව දකිනවා.

හරි එහෙනම් අනාගතේටත් ගිය දැන් යමු අතීතෙට ,
දැන් හිතන්න a b කියල දෙන්නෙක් ඉන්නවා මේ දෙන්න ඉඩම් ප්‍රශ්නෙකට මරාගන්නවා ඔන්න b ගැහුවා a ට.
හරි මේක බලන් හිටිය c ට ඕනේ වෙන්ව ඉස්සෙල්ලම ගැහුවේ කව්ද කියලා බලන්න. හප්පට දැන් මොකද කරන්නේ වීඩියෝ එකක් වගේ පස්සට ඇදලා බලන්නත් බෑනේ. ඉතින් පොර කරනවා මෙන්න මේ වගේ වැඩක්.
ආලෝකයේ සාමාන්‍ය වේගය තත්පරේක කිලෝමීටර් ලක්ෂ 3. c ගාව තියෙනවා පට්ට භාණ්ඩයක් එකට පුළුවන් ආලෝකයේ වේගය වගේ තුන් හතර ගුනෙක වේගෙන් යන්න. ප්‍රයෝගිකව මේ වගේ එකක් හදන්න බැහැ මොකද අයින්ස්ටයින් ලොක්ක මේකට කොස්ස දාන හින්දා. එයා කියනවා වස්තුවක් ආලෝකයේ වේගෙන් යනවනම් එකේ තියෙන ස්කන්ධය අනන්තය දක්වා වැඩි වෙන්ව කියල.
හරි කොහොමින් කොහොමහරි c යනවා දැන් එයාගේ යානේ නැගල ආලෝකයේ වේගය වැඩේ තුන් ගුන්නෙක වේගෙන්. ගිහින් පොර එක තැනක් නැවතිලා බලාගෙන ඉන්නවා ගහ ගන්න දෙන්න ඉන්න පැත්ත
හරි ඔය කදිරි වලින් අන්දලා ඉන්න තැන තමා දැන් c ඉන්නේ මෙයා ආවේ ආලෝකයේ වේගෙට වැඩ වැඩියෙන් නිසා b a ට ගහපු වෙලාවේ පිටුන ආලෝක කිරණ තාම c ඉන්න තැන පහුකරගෙන ගිහින් නෑ ඉතින් මෙයට තත්පර තුනක් විතර හිටියොත් ආයෙම b a ට ගහනවා බලාගන්න පුළුවන්.
මෙහෙම තමා මට හිතෙන ටයිම් ට්‍රැවලින් එක මේක 100%ක් වැරදි වෙන්න පුළුවන් මොකද මේ මගේ හිතට එන අදහස් විතරයි. 
මේ ගැන කොමෙන්ටුවක් කොටලම යන්න කියලත් පොඩ් ඉල්ලීමක් කරනවා.එහෙම මොකුත් නැත්තන් බැනලා හරි යන්නකෝ.. එහෙනම් තව පෝස්ට් එකකින් හමුවෙනකල් දිගටම හොයලබලන්න..

Sunday, December 18, 2016

බිල් ගේට්ස් ගැන නොදත් දේ..


          බිල් ගේට්ස් ගැන නොදත් දේ..



බිල් ගේට්ස් (Bill Gates) කියන නම බොහෝදෙනෙකුට හුරු පුරුදු නමක්. ඔහු තමයි ලෝ ප්‍රකට මයික්‍රොෙසාෆ්ට් සමාගමේ ආරම්භකයා. බිල් ගේට්ස් ඉපදුනේ හොඳින් ඉගෙනගත් මව් පියන් දරු දරුවන් සිටින පවුලකයි. ඒත් ඒ අය පරිගණක වැඩසටහන් නිර්මාණකරුවන් (Programmers) නෙවෙයි. ඉංජිනේරුවනුත් නෙවෙයි, කාර්මිකයින්වත් නෙවෙයි. ඒත් කොහොමද බිල් ගේට්ස් හැකර් කෙනෙක් වුනේ.
ඔහුගේ පියා නීතීඥවරයෙක්. ඔහු සාර්ථක පුද්ගලයෙක්. මව ගුරුවරියක්. නමුත් යොවුන් වියේ පාසලේදී පොතපතට ඇල්මක් දැක්වූකුඩා බිල් සිහිනය වුනේ තමන්ගේම ව්‍යාපාරයක්, සමාගමක් ආරම්භකරන්නටයි. කෙනෙක් කියන්න පුළුවන් ඒ කුඩා කාලයේ තිබුණ හීනය තමයි ඔහුගේ ආරම්භය කියලා. ඒත් පුංචි අයට කොයිතරම් නම් සිහින තිබෙනවාද? ඉතින් ඊළඟට මොකද වුනේ.



බිල් කොහොමද පරිගණක වීරයෙක් වුනේ..





බිල් ගේට්ස් මුලින්ම පරිගණකයක් දැක්කේ අවුරුදු 13 දී. ඒ ඔහුගේ පාසලේදී. ඒ පරිගණකය පාවිච්චි කිරීම වෙනුවෙන් යම් මුදලක් අය කරන්නට ඒ පාසල තීරණය කර තිබුණා. ඉතින් නිතර නිතර පාසලේ පරිගණකය පාවිච්චි කල බිල් අතේ සල්ලි නැති වෙලාවට නොමිලේ ඒ පරිගණකය පාවිච්චි කරන්න පුළුවන් විදියට හැක් කලා. ඒ වැරද්දට ඔහුව පාසලෙන් එලවා දැම්මා. ඒත් ඔහුගේ මේ හැකියාව ගැන විස්මායට පත්වුණු පාසලේ විදුහල්පතිවරයා ඒ පරිගණකයේ දේාෂ නිරාකරණය කරන්නට බිල් ගේට්ස් සිසුවාව පත් කලා. ඔන්න ඕකයි මේ පරිගණක වීරයාගේ අාරම්භය.





කඩිසර බුද්ධිමත් තරුණයෙක් වීම..


පාසලේ අවසාන විභාගයෙන් ලකුණු 1600කින් 1590 ලබාගත් ඔහු හාවඩ් විශ්වවිද්‍යාලයට තෝරාගැනුනා. දිනක් විශ්ව විද්‍යාලයේ තාක්ෂණ සඟරාවක් කියවන විට බිල් ගේට්ස්ට හමුවුනා අලුත්ම පරිගණකයක් ගැන වෙළඳ දැන්වීමක්. ඒ දැන්වීම පළකල Altair ආයතනයට දුරකථන ඇමතුමක් දුන් ඔහු කිව්වේ තමන් ලඟ මේ අලුත් පරිගණකයට ගැලපෙන පරිගණක භාෂාවක් (Programming Language) තිබෙන බවයි. ඒ වගේම ඔහු ඒ භාෂාව පරිගණක නිෂ්පාද සමාගමට විකුණ දමන්නටත් කැමැත්ත පළකලා. හැබැයි එහෙම පරිගණක භාෂාවක් ඔහු ලඟ තිබුනේ නැහැ. ඔහු කඩිමුඩියේ වැඩ ආරම්භකරන්න සූදානම් වුනා. ඒ වගේම පරිගණක සමාගම ඔහුගේ නිර්මාණය මිලදීගනනටත් කැමැත්ත පලකලා.

රෑ දවල් නොබලා වෙහෙසීම..



බිල්ගේ පාසල් කාලයේ මිත්‍රයෙක් වුණු පොල් එක්ක එකට වාඩි වෙලා බිල් තමන් විකුණන්නට එකඟ වුනු පරිගණක භාෂාව ලියන්නට පටන්ගත්තා. හාවඩ් විශ්ව විද්‍යාලයේ පරිගණක භාවිත කරලා නිර්මාණය කරන මේ පරිගණක භාෂාවේ 50%කට වැඩි ප්‍රමාණයක් code කලේ බිල් විසින්මයි. දවස පුරාම පරිගණකයෙන් code කරපු ඔහු නිදාගත්තේත් පරිගණක මේසයේමයි. උදේට ඇහැරිලා කලින් දවසේ නවතා දැමූ තැනින් ඔහු නැවත ආරම්භ කලා.

අයිතිය, හිමිකාරිත්වය ගැන වැඩි සැලකිල්ලක් දැක්වීම..


ඒ වැඩේ අවසන් වුන විගස BASIC නමින් හඳුන්වපු මේ අලුත් පරිගණක භාෂාවත් අරගෙන ඔහු මෙක්සිකොවට ගියා. ඔහුගේ පරිගණක භාෂාව ඇමරිකානු ඩොලර් 3000කට Altair සමාගමට විකුණු ඔහු BASIC පරිගණක භාෂාවේ අයිතියත් තමන් සතුවම තබාගන්නටත් අමතක කලේ නැහැ. ඒ තීරණය අනාගතයේදී වැදගත් වෙයි කියලා සමහරවිට ඔහු සිතන්නටත් ඇති.



අනාගතය ගැන සිහින දැකීම..




අවුරුදු 5කට පස්සේ IBM සමාගම එයාලගේ පරිගණක වලට මෙහෙයුම් පද්ධතියක් ඔහු නිර්මාණය කරලා තියෙනවාද කියන ප්‍රශ්ණයට බිල් ක්ෂණිකවම ඔව් කියනවා. ඒත් ඔහු පරිගණක මෙහෙයම් පද්ධතියක් ගැන හිතලාවත් නැහැ. ඒ නිසා ඔහු මෙහෙයුම් පද්ධතියක් මිලදීගන්නට සොයනවා. සියැටල් වලදී ඔහුට හමුවෙනවා මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය කල පුද්ගලයෙක්. ඒ පුද්ගලයාගෙන් මෙහෙයුම් පද්ධතිය අයිතියත් සමඟම මිලදීගන්නා බිල් ගේට්ස් වඩා වැඩි මුදලකට IBM සමාගමට විකුණනවා. ඒ තමයි DOS මෙහෙයුම් පද්ධතිය. හැබැයි අයිතිය තමන් සතුවම තබාගන්නට ඔහු අමතක කරන්නේ නැහැ. ඒ වගේම IBM සමාගම ඒ ගැන විමසන්නේවත් නැහැ. මොකද ඒ කාලේ සාමාන්‍ය කෙනෙක් මෘදුකාංග සඳහා මුදල් වැය කරන්නේ නැහැ. ඒත් මෘදුකාංග සඳහා ඇති විය හැකි වෙළඳපල බිල් කලින්ම දකිනවා.

 

ඇපල් සමාගම සමඟ සම්බන්ධ වීම..


 





SEE ALSO: ගරාජයෙන් පටන් ගත්ත ස්ටීව් ජොබ්ස්ගේ Apple කඩේ....

මේ කාලේ වෙනකොට ඇපල් සමාගමේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් කරළියට එනවා. ඔහුට අවශ්‍ය වෙනවා බිල් ගේට්ස් ලවා අලුත් පරිගණක වැඩසටහනක් නිර්මාණය කරන්න. දැනට අපි පාවිච්චි කරනවා වගේ දෘශ්‍ය අතුරු මුහුණතක් (visual interfaces) සහිත වැඩසටහනක්. ඒ කියන්නේ කළු සුදු අකුරු ඇති DOS මෙහෙයුම් පද්ධතිය වෙනුවට රූප රාමු සහිත මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය කරන්නට. මේ වෙනුවෙන් බිල් ගේට්ස් ඇපල් සමාගමට එනවා. ඇපල් සමාගමේ කණ්ඩායමක් භාරව ක්‍රියාකරනවා. ඒත් ස්ටීව්, බිල්ගේ කණ්ඩායම හෝ බිල්ගේ වැඩ ගැන සෑහීමකට පත්වෙන්නේ නැහැ. ඒත් බිල් රහසිගතවම සිය වැඩසටහන නිර්මාණය කරනවා.


 

දෘශ්‍ය අතුරු මුහුණත හඳුන්වාදීම..


ඒත් බිල්ට අවශ්‍ය වෙන්නේ නැහැ තමන්ගේ ජීවිත කාලයම ස්ටීව් ජොබ්ස්ගේ අදහස් වලට වැඩ කරන්න. අදහස් කියන්නේ ඇත්තටම ක්‍රියාවට නංවනතෙක් කිසිදු තේරුමක් නැති දෙයක්. ස්ටීව්ගේ අැපල් සමාගම සඳහා නිර්මාණය කරන අතුරු මුහුණත පිළිබඳ අදහස ස්ටීව්ට ලැබුනේ Xerox නම් නව සමාගමෙන්. වචනයේ පරිසමාප්ත අයුරෙන්ම ස්ටීව් එම සමාගමේ නිර්මාණය තමන්ගේ දෙයක් වගේ නිර්මාණය කරන්නටයි සූදානම් වන්නේ. ඉතින් Xerox සමාගමෙන් ස්ටීව් සොරකම් කල දෘශ්‍ය අතුරුමුහුණත බිල් ගේට්ස් ඇපල් සමාගමේ සිටියදීම සොරකම් කරනවා. ඔහු එය හඳුන්වන්නේ Windows නමින්.

 
දරදඬු පුද්ලයෙක් වීම..




ස්ටීව්ට Windows පිළිබඳව ආරංචිය ලැබුන වහාම ඔහු කෝපවෙනවා. ඇපල් සමාගමේ සේවකයන් ඉදිරියේ සිටම ඔහු බිල්ගේට්ස්ට බැනවදිනවා. ඒත් ඒ ගැන තැකීමක් නොකරන බිල්ගේ පිළිතුර වෙන්නේ, “අපි දෙන්නම එකම තැනකින් කොපි කලා” කියන එකයි. බිල් ඇපල් සමාගමෙන් ඉවත් වනවා. තමන්ගේම වින්ඩොස් මෙහෙයුම් පද්ධතිය එලි දක්වනවා. වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සහිත පරිගණකයක් සෑම නිවසකම තිබෙන දවසක් ගැන සිහින දකිනවා. ඇපල් සමාගම ක්‍රමයෙන් බංකොලොත් වෙද්දී වින්ඩොස් මෙහෙයුම් පද්ධතිය, මයික්‍රොසොෆ්ට් සමාගම සීග්‍රයෙන් දියුණු වනවා. බිල් ගේට්ස් අවුරුදු 39 දී ලොව ධනවත්ම පුද්ගලයා වනවා.

 

දැනට ඔහුගේ වයස අවුරුදු 58ක්. විවාහකයෙක්. දරුවන් 3 දෙනෙක් සිටිනවා. ඒත් ඩොලර් බිලියන 76ක වත්කමක් හිමි ඔහු අදටත් ලොව ධනවත්ම පුද්ගලයායි. ඒ වගේම ඔහුගේ දැනට තිබෙන සම්පූර්ණ ධනය වියදම් කරන්නට අවුරුදු 218 වත් ජීවත් වෙන්න අවශය බවයි කියවෙන්නේ..!මේ ගැන කොමෙන්ටුවක් කොටලම යන්න කියලත් පොඩ් ඉල්ලීමක් කරනවා.එහෙම මොකුත් නැත්තන් බැනලා හරි යන්නකෝ.. එහෙනම් තව පෝස්ට් එකකින් හමුවෙනකල් දිගටම හොයලබලන්න..